Local

මෙරට පළමුවරට වී වගාව සඳහා ඩ්‍රෝන් තාක්‍ෂණය

Thursday, 11 January 2024 - 11:59 am

මෙවර යල කන්නයේ දී ශ්‍රී ලංකාවේ පළමුවරට වී වගාව සඳහා ඩ්‍රෝන් යන්ත්‍ර උපයෝගි කර ගැනීමේ වැඩ සටහනක් අරඹයි.

රටේ කෘෂිකාර්මික අංශ නවීකරණය සඳහා රජය විසින් ක්‍රියාත්මක කර ඇති වැඩ සටහනට සහයෝගය පළ කරමින් කෘෂි අංශ කුසලතා සභාව විසින් වී වගාව සිදු කෙරෙන සෑම දිස්ත්‍රික්කයකම පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන සඳහා ඩ්‍රෝන යන්ත්‍රය බැගින් ලබා දීමේ වැඩ පිළිවෙළක් ඇරඹීමට කටයුතු යොදා ඇත.

මෙහි පළමු අදියර යටතේ අනුරාධපුර, හම්බන්තොට, කුරුණෑගල, පොලොන්නරුව, වව්නියාව හා අම්පාර දිස්ත්‍රික්ක සඳහා ඩ්‍රෝන යන්ත්‍ර 100ක් ලබා දීමට කටයුතු යොදා ඇති බව එම සභාවේ සභාපති කාවින්ද දිසානායක මහතා පැවසීය.

දෙවන අදියර වනවිට වී වගා කරන සෑම දිස්ත්‍රික්කයකම පිහිටි සෑම ගොවිජන සේවා මධ්‍යස්ථාන 563ටම ඩ්‍රෝන යන්ත්‍රයක් බැගින් ලබා දීමට කටයුතු යොදා තිබේ.

ඊයේ (10) රාමඩා හෝටලයේ දී UNFAO, USAID හා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ඒකාබද්ධව ආරම්භ කළ වී වගාවේ අස්වනු වැඩි කර ගැනීම සඳහා වන වැඩ පිළිවෙළ දියත් කළ අවස්ථාවේ දී ඩ්‍රෝන තාක්ෂණය කෘෂිකර්මාන්තය සඳහා යොදා ගැනීමේ වැඩ පිළිවෙළ ද ආරම්භ කිරීමට කටයුතු යොදනු ලැබීය.

කෘෂි අංශ කුසලතා සභාව විසින් ලබා දීමට නියමිත ඩ්‍රෝන මෙහිදී ප්‍රදර්ශනය කෙරුණු අතර කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් එච්. එම්.ඒ. එල්. අබේරත්න හා කාවින්ද දිසානායක යන මහත්වරු සහභාගි වූහ.

රුපියල් ලක්ෂ 70ක් පමණ වන මෙම ඩ්‍රෝන යන්ත්‍රයක් උපයෝගි කර ගනිමින් පළිබෝධ නාශක ඉසීම, පොහොර ඉසීම, වී වැපිරීම, කුඹුරු මැනීම මෙන්ම රෝග හඳුනාගැනීම ද සිදු කළ හැකි අතර අඩු පිරිවැයකින් එම කටයුතු ඉටු කර ගැනීමට හැකිවීම ගොවිජනතාවට වාසිදායක බව කෘෂි අංශ කුසලතා සභාව පෙන්වා දුන්නේය.

ලෝකයේ බොහෝ රටවල් මේ වනවිට ඩ්‍රෝන තාක්ෂණය කෘෂිකර්මාන්තය සඳහා යොදා ගන්නා නමුත් අපේ රටේ තවමත් ඒ සම්බන්ධව අවධානය යොමු වී නැත. මේ නිසා පළමු වරට මෙම යල කන්නයේ සිට වී වගාව සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධව අමාත්‍යවරයා අදාල අංශවලට ස්තුතිය පළ කළේය.


Top Stories
wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT