Sports

පුතා වයස 14දීම පෘතුගාල ජාතික පිලට

Friday, 09 May 2025 - 11:13 am

පියකුට ආඩම්බර විය හැකි මොහොතක් වන්නේ තම පුතා ඔහුගේ අඩිපාරේ යමින් සාර්ථකත්වයේ ඉණිමඟට නැඟීමයි. ලොව ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ ජීවිතයේ ද එවැනිම මොහොතක් උදාවී තිබේ. 14 හැවිරිදි වැඩිමහල් පුත් ඩොස් සැන්ටොස් (ක්‍රිස්ටියානෝ ජූනියර්) පෘතුගාලයේ වයස අවුරුදු 15න් පහළ ජාතික කණ්ඩායමට තෝරා‍ ගැනීමෙන් රොනාල්ඩෝ උද්දාමයට පත්ව තිබේ.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ‘පුතා මම ඔබ ගැන ආඩම්බර වෙනවා’ යනුවෙන් ලිවීය. රොනාල්ඩෝ ඔහු සමඟ සිටින පුතාගේ ඡායාරූපයක් පළ කරමින් එම සටහන ලියා තිබේ. ක්‍රිස්ටියානෝ ජූනියර් දැනට ඔහුගේ පියා සමඟ සවුදි අරාබියේ සිටින අතර, අල් නසාර් පාපන්දු සමාජයේ කනිෂ්ඨ කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටියි.

මේ මස 13 සිට 18 දක්වා ක්‍රොඒෂියාවේ පැවැත්වෙන යොවුන් පාපන්දු තරගාවලිය සඳහා රොනාල්ඩෝ ජූනියර් පෘතුගාල කණ්ඩායමට කැඳවා ඇති අතර, එහිදී ජපානය, ග්‍රීසිය සහ එංගලන්තය සමඟ තරග වදිනු ඇත. ක්‍රිස්ටියානෝ ජූනියර්ගේ ජීවිතය ඔහුගේ පියාගේ වෘත්තීය ජීවිතයට සමාන්තරව ගමන් කරයි. ඔහු රියල් මැඩ්රිඩ්, ජුවෙන්ටස්, මැන්චෙස්ටර් යුනයිටඩ් සහ අල් නසාර් යන ක්‍රීඩාංගණවල පුහුණුව ලබා ඇත. වාර්තාවකට අනුව, ක්‍රිස්ටියානෝ ජූනියර් ජුවෙන්ටස් ඇකඩමියේ පුහුණුවීම්වලදී එක් වාරයක් තුළ ගෝල 58ක් ලබා ගත්තේය.


Top Stories
wedivistara

යතුරුපැදියක් පාපැදියක ගැටී දෙදෙනෙකු මරුට

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

කොස්ගොඩ, වෙඩි තැබීම 'ෂාන් මල්ලි' - 'බාලේ' ගැටුමේ දිගුවක්

wedivistara

න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ සූදානම ගැන සමුළුව අනිද්දා ඇරඹෙයි

wedivistara

"භාතියගේ ජීවිතය බේරා ගැනීම අපහසුයි" - පශු වෛද්‍යවරු කියයි

wedivistara

කෙහෙළියගේ නඩුවේ ඇමණුම් මුද්‍රණ වියදම කෝටිය පනී - නි. සොලිසිටර් ජනරාල් අධිකරණයට කියයි

Trending
wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

අමෙරිකානු ගායක් ෂෝන් 'ඩිඩි' කොම්බ්ස් බරපතල චෝදනාවලින් නිදහස්

wedivistara

ටෙක්සාස්හි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 43 දක්වා ඉහළට

wedivistara

BRICS හි ඇමරිකානු විරෝධී ප්‍රතිපත්ති සමඟ පෙළ ගැසෙන ඕනෑම රටකට,10%ක අමතර බද්දක් - ට්‍රම්ප්

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි


NEWS ALERT