Local

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

Friday, 09 May 2025 - 10:11 am

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ, යුනියන් පෙදෙසෙහි පිහිටි සුපිරි වෙළෙඳසැල් ජාලයකට අයත් ශාඛාවකට රුපියල් මිලියන 2ක දඩයක් නියම කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ඉකුත් අප්‍රේල් 01 වැනිදා සිට දේශීයව නිෂ්පාදනය කරනු ලබන පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇති අතර, එය උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම දඩය පනවා ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

මේ වනවිට ලීටර් 1 ජල බෝතලයකට රු. 100ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කර තිබෙනවා.

අදාළ සුපිරි වෙළෙඳසැල් ශාඛාවේ ලීටරයේ පානීය ජල බෝතලයක් රුපියල් 130ක මුදලකට අලෙවි කිරීම සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඉකුත් අප්‍රේල් 23 වැනිදා වැටලීමක් සිදුකර ඇති අතර, අදාළ සමාගමට එරෙහිව පවරන ලද නඩුව ඊයේ (08) අලුත්කඩේ අංක 5 ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවූ අවස්ථාවේදී එම සුපිරි වෙළෙඳසැල වරද පිළිගෙන තිබෙනවා.

මේ අතර පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ තවත් වෙළෙඳසැල් පහකට ද රුපියල් ලක්ෂය බැගින්, ලක්ෂ 05ක දඩ මුදලක් අධිකරණය මගින් නියම කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්න‍ේ.


Top Stories
wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

රට පුරා ත්‍රිපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට සැලසුම්

wedivistara

බස් රථවල ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්!

wedivistara

කෝටි හතරක් පැහැරගත් මුදල් භාරකරුට වැඩ වරදී

wedivistara

2025 වස‍රේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 120.5 ක ආදායමක්

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

Trending
wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

සර්බියාවේ ජනාධිපතිට එරෙහිව විරෝධතා


NEWS ALERT