Local

FitsAir ගුවන් සමාගම, ව්‍යාපාරික පන්තිය හඳුන්වා දෙයි

Friday, 09 May 2025 - 1:27 pm

ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික හිමිකාරීත්වය සහිත ජාත්‍යන්තර ගුවන් සේවයක් සහ ප්‍රමුඛතම අඩු පිරිවැය ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම, 2025 අප්‍රේල් 25 වන දින සිට එහි කලාපීය ගුවන් ගමන් ජාලය සඳහා ව්‍යාපාරික පන්තිය හඳුන්වා දුන් බව නිවේදනය කරයි. මෙම හඳුන්වා දීම තුළින් FitsAir හි උපායමාර්ගික සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර, එමඟින් දැරිය හැකි මිලකට සුවපහසුව සහ සුඛෝපභෝගී විශේෂාංගයන් සමඟින් විශ්වසනීයත්වය කැටිකොට ගත් ඉහළ සේවාවක් ලබා දෙනු ඇත.

FitsAir හි මෙම නව ව්‍යාපාරික පන්තිය, නූතන ව්‍යාපාරික සංචාරකයින් වෙනුවෙන්ම සුවිශේෂී ලෙස නිර්මාණය කර තිබෙන අතර, සෑම සේවාවකදීම ඔවුනට සුවපහසුවක් ලබා දීමට කටයුතු කරනු ලබයි. ඒ අනුව මගීන්ට ඉක්මනින් සිය ටිකට්පත් පරීක්ෂා කොට ප්‍රමුඛතා පිවිසුම හරහා පහසුවෙන් ගුවන් යානයට පිවිසීමේ හැකියාව සහ කඩිනමින් ගුවන් මලු ලබා ගැනීම යනාදී පහසුකම් සලසා දී තිබේ. එමෙන්ම ආසන නැවත වෙන්කරවා ගැනීම් සහ අවලංගු කිරීම් සඳහා නම්‍යශීලී හා පහසු විකල්පයන් හඳුන්වා දී ඇති අතර එමඟින් පියාසර කරන මගීන්ගේ මානසික සුවපහසුවට පිටිවහලක් සැලසෙනු ඇත. මෙහිදී FitsAir සමාගම, ව්‍යාපාරික මගීන්ට තම ගුවන් ගමනට පෙර විවේකීව සිටීම සඳහා වෙන් කරන ලද විවේකාගාර වෙත ප්‍රවේශ වීමේ පහසුකම් ද ලබා දෙනු ඇත.

මේ අතර, මෙම මගීන් සඳහා කිලෝග්‍රෑම් 40ක ගමන් මලු දීමනාවක් හා කිලෝග්‍රෑම් 10ක අත් ගමන් මලු දීමනාවක් සමඟින් ආසන වෙන්කර ගැනීමේ හැකියාව සහ ගුවන් විනෝදාස්වාදන පහසුකම් ඇතුළු තවත් බොහෝ විශේෂාංගයන් රැසක් භුක්ති විඳීමට FitsAir ගුවන් සමාගම අවස්ථාව උදා කර දී තිබේ.

ව්‍යාපාරික පන්තිය හඳුන්වා දීම සම්බන්ධයෙන් FitsAir ගුවන් සමාගමේ විධායක අධ්‍යක්ෂ Ammar Kassim මහතා මෙසේ අදහස් පළ කළේය. ‘‘අඩු පිරිවැය ගුවන් සේවයක් වශයෙන් අපගේ ඉලක්කය වන්නේ ගුවන් ගමන් පහසු කිරීමයි.

ව්‍යපාරික පන්තිය හඳුන්වා දීම, අපගේ ගුවන් සේවාවේ තවත් එක් ඉදිරි පියවරක් සනිටුහන් කරන අතර, සාමාන්‍යයෙන් වියදම් පිළිබඳ සැලකිලිමත් වන ගුවන් මගීන්ට සැප පහසුකම් සහිත ඉහළ මට්ටමේ සේවාවක් භුක්ති විඳීමට හැකියාව පවතී‍.


Top Stories
wedivistara

දේශීය ඖෂධ නිෂ්පාදනය දිරිගැන්වීමට රජයෙන් සහය

wedivistara

කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටී 04 දෙනෙකු රෝහලේ

wedivistara

මිලියන 167,500 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

wedivistara

ප්‍රදේශ රැසකට හෙට දිනයේදීත් වැසි

wedivistara

පරිසර පවිත්‍රාවය පිළිබඳ දැනුවත් කිරීමේ දිනය අදයි

wedivistara

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්


NEWS ALERT