International

න්‍යෂ්ටික ගිවිසුමක් සඳහා අමෙරිකාව විසින් ඉරානයට යෝජනාවක්

Sunday, 01 June 2025 - 6:56 pm

ටෙහෙරාන් සහ වොෂින්ටන් අතර න්‍යෂ්ටික ගිවිසුමක් සඳහා ඇමරිකාව විසින් ඉරානයට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. 

 
ඉරානයේ න්‍යෂ්ටික අවි නිෂ්පාදනයේ ප්‍රධානම මූලද්‍රව්‍යක් වන යුරේනියම් නිෂ්පාදනය වේගවත් වී ඇති බවට ඇමරිකානු න්‍යෂ්ටික නිරික්ෂණ ආයතනයක් විසින් නිකුත් කළ වාර්තාවකින් පසුවයි ඔවුන් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ. 
 
එමෙන්ම, මෙම ගිවිසුම පිළිගැනීම ටෙහෙරානයේ හොඳම අවශ්‍යතාවයක් බවත්, ඉරානයට කිසිදු දිනක න්‍යෂ්ටික බෝම්බයක් ලබාගත නොහැකි බවත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ බවත් ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පවසා තිබෙනවා. 
 
ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් විසින් ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක සහ පිළිගත හැකි යෝජනාවක් ඉරානයට යවා ඇති බවත් ඔහු සඳහන් කළා. 
 
කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, ඉරානයේ ජනතාවගේ , ජාතික අවශ්‍යතා සහ අයිතිවාසිකම්වලට අනුකූලව ඇමරිකානු යෝජනාවට යෝග්‍ය ලෙස තම රට ප්‍රතිචාර දක්වන බවයි


Top Stories
wedivistara

ප්‍රතිදේහ එන්නත් චෝදනාවලට කෙහෙළිය ඇතුළු පිරිසට සිතාසි නිකුත් කෙරේ

wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT