International

2024දී පාකිස්තානයේ ළමා අපචාර 3350ක්

Friday, 30 May 2025 - 9:12 pm

පාකිස්තානයේ ළමා අයිතිවාසිකම් සංවිධාන හා රජයේ විවිධ ඒජන්සි වාර්තාවලට අනුව පසුගිය වසරේදි එරට ළමා අපචාර සිදුවීම් 3,364ක් සිදු වී ඇතැයි පාකිස්තාන ඩෝන් පුවත් සේවය වාර්තා කළේය.

ඉස්ලාමාබාද් ඇතුළු පළාත් රැසකින් රැස් කරනු ලැබූ එම සංඛ්‍යාලේඛනවලට පාකිස්තානයේ ජාතික හා ප්‍රාදේශීය මට්ටමේ පුවත්පත් 81ක පළවූ සිදුවීම් ද ඇතුළත් බව ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. පාකිස්තානයේ සෑම සමාජ මට්ටමකම ළමා අපචාර ඉහළ ගොස් ඇති බව එරට සුප්‍රකට සහිල් නමැති රාජ්‍ය නොවන සංවිධානයේ වාර්තාවකින් පෙන්නුම් කර ඇතැයි ද ඩෝන් පුවත් සේවය සඳහන් කළේය. පැහැරගෙන යෑම්, අතුරුදන් කිරීම් සහ ළමා විවාහ වැනි බරපතළ සිදුවිම් ද ඇතුළුව පසුගිය වසරේ වාර්තා වන ළමා අපචාර සිදුවීම්වලට අවුරුදු 6 සහ 15 අතර වයස් කාණ්ඩයේ පසුවන දරුවන් වැඩි සංඛ්‍යාවක් ගොදුරු වී ඇති බවත්, ඒ අතර ගැහැනු දරුවන් 1,791ක් සහ පිරිමි දරුවන් 1,573ක් සිටින බවත් වාර්තා වේ.


Top Stories
wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

wedivistara

Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT