Local

ආයතනික රැකවරණයක හෝ භාරකාරත්වයක සිටින ළමුන් සහ වීදි ළමුන්ගේ රුපියල් 5000 දීමනාව හෙට සිට

Monday, 14 July 2025 - 5:13 pm

ආයතනික රැකවරණය හෝ භාරකාරත්වය යටතේ සිටින ළමයින් සහ වීදි ළමයින් සඳහා දීමනාවක් ලබාදීමේ වැඩසටහන හෙට (15) සිට ආරම්භ කරන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසනවා.

ඒ අනුව, එම දරුවන් සඳහා මාසිකව රුපියල් 5000 ක දීමනාවක් ලබාදීමට පියවර ගන්නා බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරිය සඳහන් කළේ.

ලංකාව පුරාම ළමා සංවර්ධන මධ්‍යස්ථාන 306 ක ජීවත් වන ළමුන් 9,191ක් මෙයින් ප්‍රතිලාහීන් බවට පත්වන බවද, ඒ ළමුන් සඳහා ලබාදෙන ප්‍රතිලාභයෙන් රුපියල් 3,000ක් ළමයින්ගේ භාරකාරත්වය දරන ආයතනවල භාරකාරීත්වයට පැවරෙන බවද ඇය ප්‍රකාශ කළා. 

තවත් රුපියල් 2000ක් 'අර්ථ' යන ගිණුමක තැන්පත් වන බවත්, අවුරුදු 18 ක් සම්පූර්ණවීමෙන් අනතුරුව, ඉතිරි කරන ලද එම රුපියල් 2000 මුදල ප්‍රයෝජනවත් වන බවත් අමාත්‍යවරිය පවසා සිටියා‍. 

මෙම ප්‍රතිලාභ සඳහා මිලියන දහසක මුදලක් අයවැයෙන් වෙන් කර ඇති බවයි ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පොල්රාජ් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


Top Stories
wedivistara

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

wedivistara

ලූස් පොල්තෙල් අලෙවිය නතර කිරීමේ සූදානමක්

wedivistara

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ගෙන් දඩ අය කිරීමට පියවර

wedivistara

SLIIT ආයතනය, යළි මහපොළ අරමුදල මගින් පරිපාලිත ආයතනයක් බවට පත් කිරීමට කෝප් කමිටුවෙන් නිර්දේශ

wedivistara

ජනාධිපතිවරණ පොරොන්දුවල ප්‍රගතිය විමර්ශන​ය කිරීම​ට Anura Meter නමින් Online මෙවලමක්

wedivistara

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

පාකිස්ථානයේ ළමා ශ්‍රමිකයින් මිලියනයක් ගැන අනාවරණයක්


NEWS ALERT