Business

ශ්‍රී ලාංකීය නිවාස තනන්නන්ට සහය දක්වමින් කොමර්ෂල් බැංකුව නිවාස ණය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වෙයි

Friday, 30 August 2024 - 6:18 am

දේශීය නිවාස ණය ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ නායකත්වය අත්කර ගනිමින් කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ නිවාස තනන්නන්ගේ සිහින සැබැ කිරීමට විශාලතම ආධාරකරුවා බවට පත්වී ඇත.

2024 මාර්තු 31 වන දිනට කොමර්ෂල් බැංකුවේ නිවාස ණය කළඹ රුපියල් බිලියන 72.965 දක්වා වර්ධනය වී ඇති අතර ඒ සමඟම එම ක්ෂේත්‍රයේ අංක 1 ස්ථානයට පත්ව ඇති බව බැංකුව නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවේ නිවාස ණය සඳහා වෙළෙඳපොළ ප්‍රමුඛයා බවට පත් වූ පළමු පුද්ගලික අංශයේ බැංකුව කොමර්ෂල් බැංකුවයි.

මෙම නවතම සන්ධිස්ථානය පිළිබඳ අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පාරිභෝගික බැංකු සේවා සහ අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා මෙසේ පැවසීය. “බැංකුකරණයේ ශක්තිමත්ම බැඳීමක් වන්නේ නිවාස ඉදිකරන්නන් සහ ඔවුන්ගේ අභිලාෂයන් සඳහා සහාය වන බැංකු අතර ඇති බැඳීමයි. මෙය අප බැංකුව ප්‍රධාන අවධානයක් යොමු කරන ක්ෂේත්‍රයක් වන අතර, අභියෝගාත්මක ආර්ථික පරිසරයක් මධ්‍යයේ වුවද තම නිවාස ණය කළඹෙහි ස්ථාවර වර්ධනයක් ඇති කරමින් බැංකුව මෙම අංශය සඳහා බහුවිධ ණය දීමේ විකල්පයන් සංවර්ධනය කර ඇත.”

හිස් ඉඩමක්, නිවසක් හෝ මහල් නිවාසයක් මිල දී ගැනීමට, නිවසක් ඉදිකිරීමට, අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවසක් සම්පූර්ණ කිරීමට, පවතින නිවසක් ප්‍රතිසංස්කරණය කිරීමට හෝ අලුත්වැඩියා කිරීමට සහ පවතින නිවාස ආශ්‍රිත ණයක් පියවීම සඳහා කොමර්ෂල් බැංකුවේ නිවාස ණය ලබා ගත හැකිය. සාමාන්‍ය නිවාස ණයට අමතරව, පළමු වරට නිවාස ගැනුම්කරුවන් සහ ඉදිකිරීම් කරන්නන් සඳහා මෙන්ම හරිත නිවාස ණය සහ විදේශ මුදල් නිවාස ණය සඳහා බැංකුවට විවිධ ණය යෝජනා ක්‍රම ඇත.

මීට අමතරව, බැංකුව විසින් වෘත්තිකයන් සහ ඉහළ ශුද්ධ වටිනාකමක් ඇති පුද්ගලයින් සඳහා වසර පහක සහන කාලයක් ලබා දෙන අතර, ඔවුන්ට එම සහන කාලය තුළ පොලිය පමණක් ගෙවිය හැකි අතර ඉන් පසුව එක් එක් ණය ගැණුම්කරුට වඩාත් ගැලපෙන ලෙස සමාන මාසික වාරික, ශේෂය අඩු කිරීමේ ක්‍රමය හෝ ස්ටෙප්-අප් නිවාස ණය වැනි ඕනෑම ආපසු ගෙවීමේ ක්‍රමයක් යටතේ පොලී සමඟ ප්‍රාග්ධනය ආපසු ගෙවීම කළ හැකියි.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 966 ක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT