Local

මේ ක්‍රමය වෙනස් කරන්නට නම් හදවතින් නොව මොළයෙන් ඡන්දය දෙන්න - ජනක රත්නායක

Tuesday, 17 September 2024 - 10:32 am

ජනපති අපේක්ෂක ජනක රත්නායක

හදවතින් නොව මොළයෙන් ඡන්දය පාවිච්චි කිරීම කරන ලෙස තමා ඉල්ලා සිටින බව එක්සත් ලංකා පොදුජන පක්ෂයෙන් ජනපතිවරණයට තරග කරන ජනක රත්නායක මහතා අනුරාධපුරයේදී පැවැසීය.

මේ ක්‍රමය වෙනස් කරන්නට නම් හදවතින් නොව මොළයෙන් ඡන්දය දෙන්න

1948 සිට මේ දක්වා මේ රටේ පවුල් කිහිපයක් අතර දේශපාලන නායකත්වය රැඳී තිබෙනවා. මේ රටේ දේශපාලනය කරපු අය පොහොසත් වී මහජනතාව දුප්පත් වුණා. මැතිවරණ සමයේ නායකයන් දෙන විවිධ පොරොන්දුවලට ඔවුන් රැවටුණා.

මේ ක්‍රමය වෙනස් කරන්න අලුත් කෙනකුට රාජ්‍ය පරිපාලනය ගැන දන්න, මහජනතාවගේ පැත්තෙන් හිතන, ව්‍යාපාරිකයකු මෙන්ම හිටපු රාජ්‍ය නිලධාරියකු වූ මට ‘කෝප්පය’ ට ඡන්දය දී අවස්ථාව දෙන ලෙස ඉල්ලනවා. අලුත් රටක් හැදිය හැක්කේ එවිටය. එදා මහජනතාවගේ පැත්තෙන් හිතා බිය නැතිව තීන්දු තීරණ ගත්ත නිසා මට ගෙදර යන්න සිද්ධ වුණා. මම ගත්ත නිවැරදි තීරණ නිසා අදටත් ජනතාවට යම් යහපතක් වී තිබෙනවා. “මට එදා දැරූ ධුරයේ කටයුතු කරන්න ඉඩ දුන්නා නම් මීට වඩා සහනයනක් විදුලි බිලට ලබා ගන්න තිබුණා” යැයි ඔහු කීය.

රත්නායක මහතා අනුරාධපුර පුදබිමට පැමිණ වැඳ පුදා ගනිමින් මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත් අවස්ථාවේ මාධ්‍ය හමුවේ මේ බව කීය.


Top Stories
wedivistara

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් කෙරේ

wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

Trending
wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

බහාලුම් නිදහස් කිරීමේ දී පැවති තදබදය පාලනය කර ති‍බෙනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්

wedivistara

ඔසුසැල් ජාලය පුළුල් වෙයි


NEWS ALERT