Local

සුක්කානම ගැලවී අතට ඇවිත්! ධාවනය වෙමින් තිබු ලංගම බස් අනතුරින් රථයට දැඩි හානි!

Sunday, 07 July 2024 - 7:58 am

බදුල්ල – බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හල්පේ ඉන්ධන පිරවුම්හල අසළ ලංගම බස් රථයක් අද (06) උදෑසන අනතුරට ලක්ව තිබෙනවා.

බැද්දේවෙල සිට බණ්ඩාරවෙල දක්වා ගමන් ගත් ලංගම බස් රථය මෙලෙස අනතුරට ලක්ව ඇත.

ධාවනය වෙමින් තිබූ බස් රථයේ සුක්කානම ගැලවී යාම හේතුවෙන් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව බෝක්කුවක් තුලට කඩා ගෙන යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඇල්ල පොලිසිය පැවසුවේ, මෙම අනතුර හේතුවෙන් පස්දෙනකු තුවාල ලබා දෙමෝදර රෝහලට ඇතුළත් කළ බවයි.

අනතුර වන අවස්ථාවේ බස් රථය තුළ මගින් 18 ක් පමණ සිට තිබෙනවා.

කෙසේ නමුත් මෙම අනතුරින් බස් රථයට දැඩි ලෙස අලාභහානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.


Top Stories
wedivistara

මෙවර මැතිවරණයට දෘෂ්‍යාබාධිත හා ශ්‍රව්‍යාබාධිත ප්‍රජාවට ඡන්දය පළකිරීමේ පහසුකම් සැලසීමට මැතිවරණ කොමිසමෙන් තීරණයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමට ලංසු කැඳවීම අත්හිටුවීමට තීරණය කෙරේ

wedivistara

ඡන්ද කල්දාන්නෙත් නෑ, පාර්ලිමේන්තුව විසුරවන්නෙත් නෑ - රවී

wedivistara

පාර්ලිමේන්තුව ලබන 23 සිට 26 දක්වා රැස්වෙයි

wedivistara

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි

wedivistara

අද කාලගුණ නිවේදනය

Trending
wedivistara

වැඩවර්ජනය අතරතු​ර සේවයට වාර්තා කළ රාජ්‍ය සේවයින්ට රු.10,000 ක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

විදුලි ගාස්තු 22.5% කින් පහළට

wedivistara

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ධම්මික පෙරේරා කියලා තීරණය කරලා ඉවරයි - උදයංග

wedivistara

පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී පුදබිමේදී වාර්ෂිකව පැවැත්වෙන ශ්‍රී දකුණු දළදා පෙරහැර මේ මස 20 වනදා

wedivistara

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය අද මධ්‍යම රාත්‍රියෙන් පසු මැතිවරණ කොමිසමට

wedivistara

රාජ්‍ය මූල්‍ය කළමනාකරණය හා අනාගත ශ්‍රී ලංකාව මැයෙන් දීප ව්‍යාප්ත පුවත්පත් ලිපි තරගාවලියක්


NEWS ALERT