Local

ජනාධිපතිගේ නියෝග දෙකක් මැතිවරණ කොමිසම අත්හිටුවයි.. ඡන්ද අල්ලස්ලු..

Monday, 30 September 2024 - 12:24 pm

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් ගොවීන් සහ ධීවරයන් සඳහා ලබා දීමට උපදෙස් දුන් පොහොර හා ඉන්ධන සහනාධාරය මැතිවරණ කොමිසම විසින් අත්හිටුවන අත්හිටුවා තිබේ.

ගොවීන් සඳහා රුපියල් 25000ක පොහොර සහනාධාරයක් හා ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබින.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක මෙවන් සහනාධාර ලබා දීමට දීමේදී අපේක්ෂකයන් අගතියට පත්වීම සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ගත් බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

ඒ අනුව අදාළ ප්‍රතිපත්තිමය තීන්දු මැතිවරණයෙන් පසුව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාට දැනුම් දීමටද මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

මෙම සහනාධාර ලබා දීම හෙට දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබිණි.

මෙම යෝජනාවන් දෙකම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය අතරතුර පෙරාතුවට ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී තිබූ නමුත් එවරද මැතිවරණ කොමිසම විසින් එය අත්හිටුවිය.


Top Stories
wedivistara

ජුනි මාසයේ දී ලංකාව විදුලි ජනනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගනියි

wedivistara

අගතියට පත් අයගෙන් වෛද්‍ය මහේෂි විජේරත්නට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිලි රැසක්

wedivistara

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කෙරේ

wedivistara

දුම්රිය ස්ථානාධිපති තනතුරට පිරිමි පාර්ශ්වය පමණක් බඳවා ගැනීම ගැන කාන්තාවන් දෙදෙනෙකුගෙන් පෙත්සමක්

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක්

Trending
wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

අමෙරිකානු ගායක් ෂෝන් 'ඩිඩි' කොම්බ්ස් බරපතල චෝදනාවලින් නිදහස්

wedivistara

ටෙක්සාස්හි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 43 දක්වා ඉහළට

wedivistara

BRICS හි ඇමරිකානු විරෝධී ප්‍රතිපත්ති සමඟ පෙළ ගැසෙන ඕනෑම රටකට,10%ක අමතර බද්දක් - ට්‍රම්ප්

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි


NEWS ALERT