Local

අගතියට පත් අයගෙන් වෛද්‍ය මහේෂි විජේරත්නට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිලි රැසක්

Saturday, 12 July 2025 - 7:16 pm

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න විසින් ශල්‍යකර්ම සිදු කිරීමෙන් පසු අගතියට පත්වූ පුද්ගලයින් 100 දෙනෙකුගෙන් පමණ මේ වනවිට පැමිණිලි ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

ඇය විසින් ස්නායු ශල්‍යකර්ම සිදු කිරීමේදී, ඊට අවශ්‍ය ශල්‍ය උපකරණ බාහිර ආයතනවලින් ලබා ගැනීමට සැලැස්වීමෙන් රෝගීන්ට අලාභ සිදුකිරීම ඇතුළු තවත් චෝදනා කිහිපයක් යටතේ මේ වන විට විමර්ශන ක්‍රියාත්මක වෙනවා.

අගතියට පත්වූ පුද්ගලයින්ගෙන් මේ වන විට ප්‍රකාශ ලබාගෙන ඇති බවත්, එලෙස අගතියට පත්වු පුද්ගලයින් ගැන හෝ එම අක්‍රමිකතා ගැන තොරතුරු ඇත්නම් ක්ෂණික ඇමතුම් අංක 1954 ට හෝ ciaboc_gen@ciaboc.gov.lk යන විද්‍යුත් ලිපිනයට දැනුම් දෙන ලෙසයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ජනතාවට දැනුම් දෙන්නේ.

වෛද්‍ය මහේෂි විජේරත්න ඇතුළු තිදෙනෙකු පසුගිය මස 17 වැනිදා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් අතර, සැකකාර වෛද්‍යවරිය ලබන 15 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කරනු ලැබුවා.


Top Stories
wedivistara

යතුරුපැදියක් පාපැදියක ගැටී දෙදෙනෙකු මරුට

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

කොස්ගොඩ, වෙඩි තැබීම 'ෂාන් මල්ලි' - 'බාලේ' ගැටුමේ දිගුවක්

wedivistara

න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ සූදානම ගැන සමුළුව අනිද්දා ඇරඹෙයි

wedivistara

"භාතියගේ ජීවිතය බේරා ගැනීම අපහසුයි" - පශු වෛද්‍යවරු කියයි

wedivistara

කෙහෙළියගේ නඩුවේ ඇමණුම් මුද්‍රණ වියදම කෝටිය පනී - නි. සොලිසිටර් ජනරාල් අධිකරණයට කියයි

Trending
wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

අමෙරිකානු ගායක් ෂෝන් 'ඩිඩි' කොම්බ්ස් බරපතල චෝදනාවලින් නිදහස්

wedivistara

ටෙක්සාස්හි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 43 දක්වා ඉහළට

wedivistara

BRICS හි ඇමරිකානු විරෝධී ප්‍රතිපත්ති සමඟ පෙළ ගැසෙන ඕනෑම රටකට,10%ක අමතර බද්දක් - ට්‍රම්ප්

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි


NEWS ALERT