බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ D කොටසේ බන්ධනාගාර නිලධාරීන් රාජකාරියේ යෙදවීමට සකස් කර ඇති මුරකුටිය ආසන්නයට පාර්සලයක් විසිකර තිබියදී සොයාගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් CCTV දර්ශන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව සැක සහිත පාර්සලය අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
පසුව රත්ගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ගාල්ල ඇඟිලි සලකුණු කාර්යාංශයේ නිලධාරීන් ගෙන්වා, විශේෂ කාර්ය බලකාය හා බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු නිලධාරීන් ඉදිරියේ අදාළ පාර්සලය විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.
එහිදී, එම පාර්සලයේ ස්මාට් ජංගම දුරකථන 08ක් තිබී සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.