Local

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට හිමි වී ඇති ප්‍රමුඛතාව කිසිලෙසකින් වෙනස් කරන්නේ නැහැ - අනුර

Saturday, 24 August 2024 - 1:59 pm

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට හිමි වී ඇති ප්‍රමුඛතාව කිසිලෙසකින් වෙනස් නොකරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

සමාජයේ මුල් පවුරු නිර්මාණය වී තිබෙන්නේ බුදුදහම පදනම් වී බවත් ජාතික ජන බලවේගය අක්මුල් නොමැති ජාතියක් ගොඩනැගීමේ දේශපාලන ව්‍යාපාරයක් නොවන බවයි අද (23) 'සඟරුවනේ මහ පෙළහර' මහ සඟ සමුළුවට සහභාගි වෙමින් ඔහු සඳහන් කළේ.

ආණ්ඩුවක් නිර්මාණය කළ යුත්තේ අනෙකාට එරෙහිව නොවන බවද, සියලු දෙනා එකතු කරගත් සමඟි සම්පන්න ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළා.

රටටත් ජාතියටත් යළි නිදහස ළඟා කර ගැනීමේ ජාතික සැලැස්මක් ජාතික ජන බලවේගය විසින් නිර්මාණය කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT