Local

ශ‍්‍රී ලන්කන් යානා තුනක් එකවර කැඩේ.. ගුවන් ගමන් කිහිපයක් ප‍්‍රමාදයි..

Monday, 18 November 2024 - 7:31 pm

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක් ප්‍රමාද වීම්වලට ලක් වී ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවා ප්‍රකාශකවරයෙක් පැවසීය .

සෑම ගුවන් යානයක්ම තම ගුවන් ගමන නිමා කිරීමෙන් පසු තාක්ෂණික ඇගැයීම් පරීක්ෂා කිරීමකට ලක් කෙරෙන අතර , එහිදී ඇතැම් ගුවන් යානාවල සිදු කළ යුතු අත්‍යාවශ්‍ය තාක්ෂණික නඩත්තු කිරීම් සදහා , තරමක කාළයක් ගත වන බවත් , ඒ අනුව මෙම ගුවන් යානා 03 එම තාක්ෂණික නඩත්තු කටයුතු සදහා යොමු කර ඇති බව ද එම ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය .

17 රාත්‍රී 06.35 ට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 123 දරන ගුවන් ගමන සහ යළිත් රාත්‍රී 10.15 ට චෙන්නායි සිට කටුනායක වෙත පැමිණීමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 124 ගුවන් ගමන අවලංගු කර තිබේ .

මීට අමතරව 17 රාත්‍රී 10.10 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් ගමන සහ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට 17 දින රාත්‍රී 10.20 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත ගුවන් ගමන ද අවලංගු කර තිබේ .

මේ පිළිබඳ ශ්‍රී ලන්කන් ගුවන් සේවය , මෙම ගුවන් යානා වලින් ගමන් පහසුකම් සළසා ගන්නා මගීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර , කඩිනමින් මෙම ගුවන් ගමන්වල නිරත වීමට අවශ්‍ය ගුවන් මගීන් , වෙනත් විකල්ප ගුවන් යානා මගින් , එම ගමනාන්තයන් වෙත යොමු කිරීමට ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබේ .

එසේම මෙම ගුවන් යානා තාක්ෂණික දෝෂ වලට ලක් වීම නිසා , හෙට දින අලුයම 12.00 න් පසු ක්‍රියාත්මක වීමට නියමිත තවත් ශ්‍රී ලන්කන් ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කිරීමට සහ ප්‍රමාද වීමට නියමිත අතර , ඒ ගුවන් ගමන් පිළිබඳ කාළසටහන මේ වනතෙක් ප්‍රකාශයට පත් කර නොමැත .


Top Stories
wedivistara

ලයිට් කපන්න ගිය මණ්ඩලේ නිලධාරියා පහරකෑමෙන් රෝහලේ

wedivistara

කටාරයේ අමෙරිකානු කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉරානය සටන් විරාමයකට කැමති වෙයි

wedivistara

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 1300කට අධික තොගයක් සහ බීඩි 29000කට අධික තොගයක් නාවික හමුදා භාරයට

wedivistara

විදේශ ආයෝ­ජන ජුනි මාසය වන විට කෝටි 116,970ක් දක්වා ඉහළට

wedivistara

ඉරාන-ඊශ්‍රා­යල් යුද්ධයේ බල­පෑ­ම්ව­ලට මුහු­ණ­දී­මට සූදා­නම් විය යුතුයි

wedivistara

බොරැල්ලේ වෙඩි තැබීමක්

Trending
wedivistara

පැය හතරෙන් පාස්පෝට් එක අතට

wedivistara

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් සක්‍රීය වෙයි

wedivistara

Air India ජාත්‍යන්තර ගුවන් සේවා සියයට 15කින් අඩු කිරීමේ තීරණයක්

wedivistara

ශිෂ්‍යත්වය එක වරම අත්හිටුවන්නේ නෑ!, අධ්‍යාපන නියෝජ්‍ය ඇමති කියයි

wedivistara

ඔස්කාර් සහ එමී සම්මාන ලාභී සුප්‍රසිද්ධ සිනමා තරුවක් ලංකාවට

wedivistara

ලබන 30 වැනිදා සිට ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරිමට පියවර


NEWS ALERT