Local

කිරි හරක් වෙනුවට ඉහළ තත්ත්වයේ ගව ශුක්‍රාණු ආනයනයට සැලසුම්

Monday, 14 July 2025 - 5:18 pm

කිරි ගවයින් වෙනුවට ඉහළ තත්ත්වයෙන් යුත් ගව ශුක්‍රාණු ආනයනය කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.

ඒ අනුව, හොඳම සතුන් ලබාදීම සඳහා ආනයනික ලිංග නිර්ණය කළ ගව ශුක්‍ර ආනයනය කර, ඒ තුළින් ඉතාමත්ම දියුණු සතුන් 15,000කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ගැනීමට මේ වන විට සැලසුම් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

පසුගිය කාලයේ ඕස්ට්‍රේලියාවෙන් සතුන් ගෙනැවිත් විශාල විනාශයක් සිදුවූ බවත්, ඒ ගවයින් ලෙඩ සහිත බවත්, මෙරටට නොගැලපෙන බවත්, ඒ ලෙස ගවයින් ගෙන්වීම තුළින් විශාල අකටයුතුකම් ප්‍රමාණයක්ද සිදුවූ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ හේතුවෙන්, ගවයින් ගෙන එනවා වෙනුවට, එම දියුණු සතුන්ගේ තෝරාගත් ශුක්‍රාණු අපේ රටට ගෙනැවිත් මෙරට සතුන්ට උචිත ලෙස කිරි කර්මාන්තය ගොඩනැගීමට සැලසුම් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන වෙනුවෙන් විශාල ඩොලර් ප්‍රමාණයක් පිටරටට ඇදී යන බවද, එය අවම කර ගැනීම සඳහා කිරි කර්මාන්තය ඉහළට ඔසවා තැබීම තම ඉලක්කය බවද ඔහු පවසා සිටියා.


Top Stories
wedivistara

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

wedivistara

ලූස් පොල්තෙල් අලෙවිය නතර කිරීමේ සූදානමක්

wedivistara

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ගෙන් දඩ අය කිරීමට පියවර

wedivistara

SLIIT ආයතනය, යළි මහපොළ අරමුදල මගින් පරිපාලිත ආයතනයක් බවට පත් කිරීමට කෝප් කමිටුවෙන් නිර්දේශ

wedivistara

ජනාධිපතිවරණ පොරොන්දුවල ප්‍රගතිය විමර්ශන​ය කිරීම​ට Anura Meter නමින් Online මෙවලමක්

wedivistara

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

පාකිස්ථානයේ ළමා ශ්‍රමිකයින් මිලියනයක් ගැන අනාවරණයක්


NEWS ALERT