Local

පොහොට්ටු පාක්ෂිකයන්ට රනිල්ගෙන් ආරාධනයක්

Wednesday, 18 September 2024 - 9:35 am

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු පාර්ශ්වයන්ට එක්වී රට ගොඩනැංවීමට ආරාධනා කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

රනිල්ට පුළුවන් ජන රැලියට කුලියාපිටියේ දී අද (17) එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

'මම එක්සත් ජාතික පක්ෂයේ හිටපු අයට කතා කළා වගේම පොහොට්ටුවේ හිටපු අයට ශ්‍රී ලංකා එකේ හිටපු අයට මම කතා කරනවා.  මතක තියාගන්න 2022 මැයි මාසේ කොච්චර බයෙන් හිටිය ද? මම ජනාධිපති වුණාට පස්සෙත් බයෙන් හිටියා... කතා කරන්න බයේ. සමහරු තාම කියන්නේ නෑ... කාටද ඡන්දෙ දෙන්නේ කියලා. ඔක්කොම එකතුවෙලා සැප්තැම්බර් 21 වනදා අපේ ජයග්‍රහණයට ක්‍රියා කරමු.'

මේ අතර, ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා සංවිධාන කෙරුණු ''රනිල්ට පුළුවන්'' තවත් ජන රැලියක් අද මන්නාරමේදී පැවැත්වුණි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා,

'ඔබට උවමනා අවස්ථාවේ ඒ අය හිටියේ නෑ . දැන් ඇවිත් කියනවා අනේ මේක දෙන්න මට කියලා. ලබන වසරේ මම තවත් ජීවන බර සැහැල්ලු කරනවා. ඒක කරන්න මට වරමක් දෙන්න.'


Top Stories
wedivistara

පොලිසියට 5,000ක් බඳවා ගන්න අනුමැතිය

wedivistara

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනපතිගෙන් පූර්ණ සහයෝගය

wedivistara

දහම් පාසල් ගුරුවරුන්ට ලබන වසරේ සිට දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවේ

wedivistara

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

ගොවි විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙයි

wedivistara

භාතිය හස්තියාගේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරනවා - පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට


NEWS ALERT