Local

ගාමිණි ජයවික්‍රමගේ පුත්‍රයා සජිත්ගෙන් ඉවත් වී ජනපතිට එක් වෙයි

Sunday, 11 February 2024 - 5:25 pm

සමගි ජන බලවේගයේ කටුගම්පොල ආසනයේ ආසන සංවිධායක ධුරය හෙබවූ අසංග ජයවික්‍රම පෙරේරා මහතා අද(11) පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂය සමග එක් විය.

ඒ අනුව අද සිට එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුගම්පල ආසනයේ ආසන සංවිධායකවරයා ලෙස ඔහු කටයුතු කරනු ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම අනුව යමින් ඔහුගේ ඉදිරිකටයුතු සදහා සිය සංවිධාන ශක්තිය ලබාදීම අසංග පෙරේරා මහතාගේ අරමුණවේ.

මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සදහා කුරුණෑගල කටුගම්පල ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේ මාධ්‍ය සාකච්ඡාවක් කැදවා තිබුණි.

මේ අතර ‍ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවති 07 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණි වහාම අද පෙරවරුවේ රෝගාතුරව සිටින හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ සුවදුක් විමසා බැලීම සදහා කුරුණෑගල පිහිටි ඒ මහතාගේ නිවසට පැමිණියේය.

එහිදී ජනාධිපතිවරයාට හිමි වුණේ උණුසුම් පිළිගැනීමකි.

1941 වසරේ දී උපත ලැබූ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරීය.
ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවූ ප්‍රධාන පෙලේ දේශපාලනඥයෙකි. කුරුණගල දිස්ත්‍රික්කය නියෝජනය කරන ඔහු 2013 වසර දක්වා එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරන ලදි.

2001 දෙසැම්බර් සිට 2003 නොවැම්බර් දක්වා වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යවරයා ලෙසත්, ඩ2015 ජනවාරි සිට 2015 අගෝස්තු දක්වා – ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙසත්, 2015 සැප්තැම්බර් සිට 2018 පෙබරවාරි දක්වා තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යවරයා ලෙසත්, 2017 අගෝස්තු සිට 2018 ඔක්තෝබර් දක්වා ‘‘බුද්ධ ශාසන’’ අමාත්‍යවරයා ලෙසත් රටට ඉමහත් සේවයක් ඉටුකළ ඔහුව අදටත් ජනතාව සිහිපත් කරන්නේ ඉතාමත් ආදරයෙන් සහ හද පිරි ගෞරවයෙනි.

පසුව සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ගේ නායකත්වය වෙනුවන් ද ගාමිණී ජයවික්‍ර පෙරේරා මහතා නොපිරි හෙලා වැඩ කටයුතු කල පුද්ගලයෙකි.

මෙවන් පසුබිමක සිය පියාගේ අඩිපාරේ යමින් අසංග ජයවික්‍රම මහතා කටුගම්පල ආසනයේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට සුදානමින් සිටින බව ඒ මහතා කියා සිටියි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT