Local

සැලසුම හෙළි කළ ජනපති

Saturday, 31 August 2024 - 8:10 am

බදු දැල පුළුල් කරමින් ඉදිරි වසර දෙක තුළ බදු බර අඩු කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (30) ජා ඇළ පැවති  ''පුළුවන් ශ්‍රී ලංකා'' ජන රැලිය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

'සමහර අය ඇවිත් කියනවා මේ රටේ ප්‍රශ්න තිබුණත් අපි බඩු මිල අඩු කරනවා...අපි සහනාධාර දෙනවා කියලා. අපි සහනාධාර දෙන්නේ, ඔබේ ආදායම් වැඩි කරන්න. ආදායම් දැලට අයිති නැති අය එකතු කරගමු. බදු අඩු කරන්නේ ඒ විදියට. ආදායම් වැඩි කරලා මම බදු අඩු කරනවා. ඉදිරි වසර 2 තුළ බදු බර සැහැල්ලු කරනවා. අපි ලෑස්ති නෑ ඇවිල්ලා බොරු කරන්න. 

'මම පුදුම වුණා. අපේ සජිත් ප්‍රේමදාස මහත්තයා කතාවක් කළා, මම  පාසල් 10,000ටම සුහුරු පන්ති කාමර දෙනවා කිව්වා. ඒවා ගන්න මම කෝටිපතියෝ 10,000ක් ලෝකේ වටේ හොයා ගෙන ඒ හැමකෙනාටම පාසලක් භාරදෙනවාලු. මම අහන්නේ රුමේනියාවේ ඉන්න කෝටිපතියා රාගම පාසල භාරගන්නවාද? ආජන්ටිනාවේ ඉන්න කෝටිපතියා ගල්ගමුව විද්‍යාලය භාරගන්නවාද? සජිත් කියන විදිහට ලෝකයේ ඉන්න ඔක්කෝම කෝටිපතියෝ එනවා ඉස්කෝල දියුණු කරන්න. 

ඔහොම අයට ඡන්දෙ දෙන්න පුළුවන් ද ? මොකද්ද මේ අපි බබාලා කියලා හිතනවාද? තානාපතිවරු මුදල් ගෙනාවේ නැත්නම් ඒ අයව ඉවත් කරනවාලු. අපිට තානාපති කාර්යාල 50ක් වත් නැහැ. ඉතියෝපියාවෙන් කෝටිපතියෝ හොයනවාද? අනික කියුබාවේ කැස්ත්‍රෝ කෝටිපතියෝ හැදුවේ නැහැ. කෝටිපතියෝ නැති කළා. කැලිෆෝනියාවේ ගිහින් කියනවා එන්න එන්න වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලය භාරදෙන්නම් කියනවා. එයා කොච්චර කාලයක් කුණුහරුප කියයිද දන්නේ නැහැ. මෙහෙම කෙනෙක් සුදුසුද ඇමතිකමකටවත්.

අපි වීසා ඉවත් කළ නිසා ඔක්කොම ලංකාවට එයි කියලා හිතන්නේ. මෙහෙම කෙනෙක් කොහොමද රටක් භාරගන්නේ. 2022 ආණ්ඩුව භාරනොගත්තේ ඇයි කියලා පැහැදිලියි. කවුද ඇත්ත කතා කරන්නේ, කවුද ප්‍රතිඵල ලබාදුන්නේ කියලා බලලා යන්න. මේක මගේ අනාගතය නෙමෙයි ඔබේ අනාගතය. උදේට ඇවිදින්න යනවාද? පෝලිමට යනවාද? රෑ වැටුණු වලේ දවල් වැටෙනවාද? එච්චරයි අහන්න තියෙන්නේ. ?'

 


Top Stories
wedivistara

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

wedivistara

ලූස් පොල්තෙල් අලෙවිය නතර කිරීමේ සූදානමක්

wedivistara

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ගෙන් දඩ අය කිරීමට පියවර

wedivistara

SLIIT ආයතනය, යළි මහපොළ අරමුදල මගින් පරිපාලිත ආයතනයක් බවට පත් කිරීමට කෝප් කමිටුවෙන් නිර්දේශ

wedivistara

ජනාධිපතිවරණ පොරොන්දුවල ප්‍රගතිය විමර්ශන​ය කිරීම​ට Anura Meter නමින් Online මෙවලමක්

wedivistara

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

පාකිස්ථානයේ ළමා ශ්‍රමිකයින් මිලියනයක් ගැන අනාවරණයක්


NEWS ALERT