Local

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට අධිකරණයෙන් නියෝගයක්

Thursday, 09 January 2025 - 8:23 am

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (08) සංවිධානය කර තිබෙන විරෝධතාවයකට අදාළව කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්, පුජ්‍ය මැදිරිගිරියේ ඉස්සර ධම්ම හිමි, රශ්මික චමෝද් රණසිංහ, උදාර රණසිංහ සහ තරුෂාන් පියුමන්ත හේරත් යන අයට මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලිමෙන් පසුව අධිකරණය විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (1) ප්‍රතිපාදන අනුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ට අද පස්වරු 1.00 ත් සවස 6.00 ත් කාලය තුළ කොටුව පොලිස් වසමේ සෙරමික් හංදියේ සිට NSA වටරවුම දක්වා ද, NSA වටරවුමේ සිට බාලදක්ෂ මාවත දක්වා ගාලු පාර ද අවහිර නොකරන ලෙසත්, මුදල් අමාත්‍යංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, මහ බැංකුව, ජනාධිපති මන්දිරය යන ස්ථානවලට ඇතුළුවිම වළකින ලෙසත් දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ.


Top Stories
wedivistara

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ආණ්ඩුවේ ගමන් මග ගැන දැන්ම කියන්න බෑ, තාම මාස තුනයිනේ - මෛත්‍රී

wedivistara

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට අධිකරණයෙන් නියෝගයක්

wedivistara

උණ්ඩියල් සහ හවාලා ක්‍රම ශ්‍රී ලංකාව තුළ අනීතික නැහැ - හර්ෂ ද සිල්වා

wedivistara

Clean Sri Lanka ව්‍යාපෘතිය ගැන දින දෙකක පාර්ලිමේන්තු විවාදයක්

Trending
wedivistara

UNP මහ ලේකම් ධුරයට තලතා අතුකෝරාළ පත්කෙරේ

wedivistara

අපේ ආර්ථික දේහයේ ඇති වී තිබෙන ගැටලුවට විසඳුම් සෙවීම සඳහා අවශ්‍ය වන ආර්ථික න්‍යාය පත්‍රය මේ නව වසරේ ක්‍රියාත්මක කරන්න අපි සූදානම්, “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සාර්ථක කර ගත හැකි වන්නේ පොදු ජනතාවගේ සක්‍රීය දායකත්වයෙන් පමණයි

wedivistara

ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය ලෙස අලියා ලකුණ යටතේ කටයුතු කරනවා - වජිර

wedivistara

වාහනවල සවිකර ඇති වර්ණ බල්බ්, විවිධ හඬ නළා සඳහා නීතිය ක්‍රියාත්මක කරනවා - වැඩබලන පොලිස්පති

wedivistara

දකුණු අප්‍රිකාණු ක්‍රිකට් ක්‍රීඩක ජෝන්ටි රෝඩ්ස් ලංකාවේ සංචාරයක

wedivistara

චීනයේ නව වෛරසයක් පැතිරෙයි


NEWS ALERT