International

ඉන්දියාවේ ආගමික උත්සවයක තෙරපීමකින් 80කට අධික පිරිසක් මරුට

Wednesday, 03 July 2024 - 8:40 pm

උතුරු ඉන්දියාවේ ආගමික රැස්වීමකදී සිදුවූ අධික තෙරපීමකින් පුද්ගලයන් 80කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. එය සිදුවී ඇත්තේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්‍රස් දිස්ත්‍රික්කයේ පැවැති හින්දු ආගමික උත්සවයකදී වන අතර, තෙරපීමට ලක්වීමෙන් තුවාල ලැබූ පිරිස 200කට ආසන්න බවත් වැඩිදුරටත් වාර්තා වේ. උත්තර් ප්‍රදේශ් පොලිසිය සඳහන් කර ඇත්තේ මිය ගිය අය අතුරින් වැඩි පිරිස කාන්තාවන් වන බවය.

තෙරපීම සිදුවී ඇත්තේ එම ආගමික උත්සවය නිමාවීමෙන් පසු බැතිමතුන් ඉන් පිටව යෑමේදීය. අධික තෙරපීමෙන් තුවාල ලැබු සහ මිය ගිය පුද්ගලයන් කුඩා ට්‍රක් රථ, ත්‍රිරෝද සහ යතුරුපැදිවලින් රෝහල් කරා ගෙන යන අයුරු දැක්වෙන වීඩියෝපට සමාජ මාධ්‍යජාලා ඔස්සේ සංසරණය වන බව ද වාර්තා වේ.

ඉන්දියාවේ ආගමික උත්සවවලදී අධික තෙරපීම් වැනි සිදුවීම්වලින් වරින් වර පුද්ගලයන් මිය යන අතර, 2013 වසරේදී මධ්‍යම ප්‍රදේශ් ප්‍රාන්තයේ හින්දු ආගමික උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමකින් පුද්ගලයන් 115 දෙනකු ජීවිතක්ෂයට පත්වී තිබිණි. එමෙන්ම 2018 වසරේදී දුම්රිය මාර්ගයක සිට හින්දු උත්සවයක් නරඹමින් සිටි පුද්ගලයන් 60 දෙනකු පමණ දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්වී තිබිණි.


Top Stories
wedivistara

නිලධාරී යාන්ත්‍රණයට නැවත නැවත කියන්නේ වෙනස් වෙන්න, නැත්නම් සහතික වශයෙන් වෙනස් කරනවා - ජනපති

wedivistara

හොඳ ප්‍රවාහන ක්ෂේත්‍රයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ ජුලි 01 වැනිදා සිට ආරම්භ කරනවා - බිමල් රත්නායක

wedivistara

මෙරට වයස්ගතම හිමිනම අපවත් වෙති

wedivistara

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් දුම්රිය දෙකක් එකම පීල්ලක ධාවනය වෙයි

wedivistara

පාසල් පරිශ්‍රවල ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග නිවාරණය කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

wedivistara

ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් පිටව යයි

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

හදිසි ආපදා තත්ත්වයකදී 117 අමතන්න

wedivistara

මිනිස්සු බලාපොරොත්තු වන්නේ අලුත් පක්ෂයක්. මෙතෙක් කල් ආණ්ඩුව කරපු දේවල් ගැන ජනතාව සෑහීමකට පත්වෙලා නැහැ.


NEWS ALERT