Business

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකාව අද දිවයිනට

Sunday, 15 June 2025 - 5:59 pm

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් අද (15) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව දෙදින නිල සංචාරයක් සඳහා ඇය මෙලෙස දිවයිනට පැමිණීමට නියමිත බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන්නේ.

සිය සංචාරය තුළ දී, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව සංවිධාන කරන, 'ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම ණය සහ පාලනය' මැයෙන් 2025 ජූනි මස 16 වැනිදා පැවැත්වීමට නියමිත සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙස ආචාර්ය ගෝපිනාත් සහභාගීවීමට නියමිතයි.

මෙම සංචාරයේ දී, ශ්‍රී ලංකාව සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පවතින සබඳතා පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT