Local

රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් වගකීම් රැසක්

Friday, 22 November 2024 - 8:44 pm

පසුගිය ජනවරම තුළ ජනතාව තැබු අපේක්ෂාවන් ඉටු කිරීමට වත්මන් රජය අපොහොසත් වුවහොත් ජනතාව සුබවාදී අනාගතයක් පිළිබඳ සිහින දැකීම ද අතහරින බවත්, ජනතා අපේක්ෂා ඉටුවන රාජ්‍යයක් නිර්මාණය කිරීමට රාජ්‍ය නිලධාරීන් කැපවිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ, මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස අද (22) එම ආමාත්‍යාංශයේ දී වැඩ භාරගැනීමෙන් අනතුරුව එහි කාර්යමණ්ඩලය අමතමිනි.

අමාත්‍යාංශය වෙත පැමිණි ජනාධිපතිවරයා කාර්ය මණ්ඩලය විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය. 

පසුගිය ආර්ථික කඩා වැටීම හමුවේ රට මුදා ගැනීමට මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් ලබා දුන් දායකත්වය මෙහිදී කෘතවේදීව අගය කළ ජනාධිපතිවරයා මින් ඉදිරියට ඇති ජයග්‍රහණ කරා යාමේ දී සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බව ද සඳහන් කළේය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, දේශපාලන වෙනස්වීම්වලදී රාජ්‍ය නිලධාරීන් පිළිබඳ පූර්ව චිත්‍රණයක සිට කටයුතු කළ ඉතිහාසයක් අපේ රටේ තිබෙන නමුත් අද සිට රාජ්‍ය නිලධාරින්ගේ හොඳ නරක මනින නිර්ණායකය බවට පත් වන්නේ ඔවුන් ලබාදෙන දායකත්වය බවයි. 

රාජකාරී ඉටු කිරීමේ දී රාජ්‍ය නිලධාරින්ට කොතැනක හෝ  යම් අසාධාරණයක් හෝ අකටයුත්තක් සිදුවන්නේ නම් ඒ වෙනුවෙන් පෙනී සිටින බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. 

ආදායම් උපයන දෙපාර්තමේන්තු පිළිබඳ ජනතාව තුළ ඇත්තේ යහපත් චිත්‍රයක් නොවන අතර එය වෙනස් කිරීමට අසීරු වුවද තමන් පිළිබඳ යම් අයහපත් චිත්‍රයක් තිබේ නම් එය වෙනස් කර ගැනීමට සියලු නිලධාරින්ට නව රජය යටතේ අවස්ථාව ලැබී ඇති බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මාධ්‍ය ඉදිරියේ නිලධාරින්ට තර්ජනය කිරීම, ඔවුන්ගේ අදහස් නොතකා හැරීම වැනි න්‍යායන් තම රජයේ ප්‍රතිපත්තිය නොවන බවත්, ස්වයං විනයක් සහ ස්වයං වගවීමක් නිර්මාණය කර ගැනීම නව පරිවර්තනයේ ප්‍රවේශය බවත් සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ වෙනුවෙන් එක්වන ලෙස ද මෙහිදී සියලු රාජ්‍ය නිලධාරීන්ට ආරාධනා කළේය. 

නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නිලධාරිහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

යතුරුපැදියක් පාපැදියක ගැටී දෙදෙනෙකු මරුට

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

කොස්ගොඩ, වෙඩි තැබීම 'ෂාන් මල්ලි' - 'බාලේ' ගැටුමේ දිගුවක්

wedivistara

න්‍යෂ්ටික බලශක්තිය පිළිබඳ ශ්‍රී ලංකාවේ සූදානම ගැන සමුළුව අනිද්දා ඇරඹෙයි

wedivistara

"භාතියගේ ජීවිතය බේරා ගැනීම අපහසුයි" - පශු වෛද්‍යවරු කියයි

wedivistara

කෙහෙළියගේ නඩුවේ ඇමණුම් මුද්‍රණ වියදම කෝටිය පනී - නි. සොලිසිටර් ජනරාල් අධිකරණයට කියයි

Trending
wedivistara

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ජපානයේ දූපතක භූ කම්පනයක්

wedivistara

අමෙරිකානු ගායක් ෂෝන් 'ඩිඩි' කොම්බ්ස් බරපතල චෝදනාවලින් නිදහස්

wedivistara

ටෙක්සාස්හි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 43 දක්වා ඉහළට

wedivistara

BRICS හි ඇමරිකානු විරෝධී ප්‍රතිපත්ති සමඟ පෙළ ගැසෙන ඕනෑම රටකට,10%ක අමතර බද්දක් - ට්‍රම්ප්

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි


NEWS ALERT