Entertainment

පෘථිවියේ ජීවය හටගෙන ඇත්තේ වසර බිලියන 2.1කට පෙර බවට මතයක්

Tuesday, 30 July 2024 - 10:28 am

පෘථිවියේ ජීවයක් බිහිව ඇත්තේ මුලින් අනුමාන කර තිබූ කාලසීමාවට වඩා වසර බිලියන 1.5කට පෙර බව සනාථ කරන අලුත් සාක්ෂියක් සොයාගෙන ඇති බව මධ්‍යම අප්‍රිකානු රාජ්‍යයක් වන ගැබොන් රාජ්‍යයේ පර්යේෂණ කටයුතු සිදු කරගෙන යන විද්‍යාඥයන් පිරිසක් විසින් නිවේදනය කර තිබේ. මේ අනුව පෘථිවියේ සත්ත්ව ජීවයක් මුලින්ම හටගෙන ඇත්තේ වසර බිලියන 2.1කට පෙර බව පෙන්වන පාරිසරික සාධක සහිත සාක්ෂියක් ගැබොන් රාජ්‍යයේ පාෂාණවලට ගැඹුරින් සොයාගෙන ඇති බව අදාළ විද්‍යාඥයන් විසින් අනාවරණය කර තිබේ.

අදාළ විද්‍යාඥයන් පෙන්වා දී ඇත්තේ එසේ වසර බිලියන 2.1කට පෙර පෘථිවියේ ජීවයක් පැවතී ඇතත් එම ජීවීන් අභ්‍යන්තර මුහුදු ප්‍රදේශයට සීමා වී සිට ඇති අතර ගෝලීය වශයෙන් ව්‍යාප්ත නොවී එම ජීවීන් මියගොස් ඇති බවයි. කෙසේ වුවද පෘථිවියේ ජීවය ආරම්භ වීම සම්බන්ධයෙන් සොයාගෙන ඇති මෙම නව සාක්ෂිය සෑම විද්‍යාඥයෙකු විසින්ම පිළිගෙන නොමැති බව වාර්තා වේ. බොහෝ විද්‍යාඥයන් විසින් විශ්වාස කරනුයේ පෘථිවියේ සත්ත්ව ජීවිතය ඇරඹි ඇත්තේ මෙයට වසර මිලියන 635කට පෙර බවයි. ගැබොන් රාජ්‍යයේ ප්‍රාන්ස්විල් ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇති ෆොසිල බව කියන පාෂාණ සැබවින්ම ෆොසිල ද යන්න පිළිබඳව මෙම දිනවල විද්‍යාඥයන් අතර වාදයක් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.


Top Stories
wedivistara

මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය 403කට නීතිමය පියවර

wedivistara

අයවැයෙන් ඉහළ දැමු විශ්‍රාම වැටුප් මේ මාසයේ සිට

wedivistara

UPDATE : කඳානේ වෙඩි තැබීමෙන් එක් අයෙක් මරුට

wedivistara

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අද දැයෙන් සමුගනී

wedivistara

හරක් කටාගේ නඩුවේ මූලික විරෝධතාවක් ප්‍රතික්ෂේප කෙරේ

wedivistara

සීතාවක ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT