Local

හෙට (08) සහ අනිද්දා (09) වෘත්තීය සමිති 200ක් වැඩ වර්ජනයේ: රුපියල් 25,000ක දීමනාවක් ඉල්ලයි.

Sunday, 07 July 2024 - 9:55 pm

හෙට (08) සහ අනිද්දා (09) අසනීප නිවාඩු වාර්තා කිරී‌මේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වීමට රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව තීරණය කර තිබෙනවා.

ඒ, රාජ්‍ය සේවයේ විධායක සේවයේ නිලධාරීන්ට ලබාදුන් රුපියල් 25,000ක දීමනාව තමන්ටත් ලබා දෙන ලෙසට ඉල්ලමින්.

අදාළ වැඩ වර්ජනයට වෘත්තීය සමිති 200කට වැඩි ප්‍රමාණයක් එක් වන බව සඳහන්.

ජීවන වියදම ඉහළයාම, බදු බර වැඩිවීම මත ඇති වූ ආර්ථික පීඩනය සමනය කර ගැනීම සඳහා ආණ්ඩුව රාජ්‍ය සේවයේ විධායක නිලධාරින්ට පමණක් සීමා කරමින් රුපියල් 25,000ක දීමනාවක් ලබා දීමටයි කටයුතු කළේ.

ඒ අනුව එම දීමනාව ජූලි මාසයේ සිට ඔවුන්ගේ වැටුපට එක්වනු ඇති.

මෙමඟින් ආණ්ඩුව විසින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා සහ විශ්‍රාමික යන සියලු අංශ නොසලකා ආණ්ඩුව ක්‍රියා කර ඇති බවයි, වැඩ වර්ජනයේ නිරත වීමට සැලැසුම් කර ඇති වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

විධායක සේවයේ ශ්‍රේණීන් සඳහා රුපියල් 25,000 දක්වා දීමනාව වැඩි කර ලබා දීමට ආණ්ඩුව පදනම් කරගත් කරුණුම පදනම් කරගෙන සෙසු සේවකයින්ටත් ඒ සාධාරණය ඉටු කරන ලෙසට ද ඔවුන් ඉල්ලීමක් කරනවා.


Top Stories
wedivistara

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

wedivistara

ලූස් පොල්තෙල් අලෙවිය නතර කිරීමේ සූදානමක්

wedivistara

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ගෙන් දඩ අය කිරීමට පියවර

wedivistara

SLIIT ආයතනය, යළි මහපොළ අරමුදල මගින් පරිපාලිත ආයතනයක් බවට පත් කිරීමට කෝප් කමිටුවෙන් නිර්දේශ

wedivistara

ජනාධිපතිවරණ පොරොන්දුවල ප්‍රගතිය විමර්ශන​ය කිරීම​ට Anura Meter නමින් Online මෙවලමක්

wedivistara

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

පාකිස්ථානයේ ළමා ශ්‍රමිකයින් මිලියනයක් ගැන අනාවරණයක්


NEWS ALERT