International

යුරෝපා සංගමයෙන් අමෙරිකාවට අනතුරු ඇඟවීමක්

Monday, 14 July 2025 - 12:58 pm

යුරෝපා සංගමය, අමෙරිකාවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ, අගොස්තු 01 වැනිදා සිට 30% ක තීරුබදු පැනවීම සම්බන්ධයෙනි.

යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩර්ලේන් සඳහන් කළේ අමෙරිකාව පැනවූ තීරු බදු සමග යුරෝපා සංගමය තම අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට සූදානම් බවයි.

ඒ අනුව අමෙරිකානු ක්‍රියාකලාපය අනුව සිය සාමාජික රටවල් අගොස්තු පළමු වැනිදා ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත බව, වාර්තා වේ.

30% ක තීරුබදු පැනවීම අත්ලාන්තික් සාගරයෙන් පිටත සිටින ව්‍යාපාරිකයින්ට, පාරිභෝගිකයින් සහ රෝගීන්ට එහි අහිතකර බලපෑම් සිදු විය හැකි බව, ඇය අවධාරණය කළේය.

මේ අතර ජර්මානු ආර්ථික අමාත්‍ය කැතරිනා රීච් නිවේදනය කළේ, නව තීරු බදු ප්‍රකාශයට පත් කිරීම යුරෝපා සංගමයේ රටවලට මෙන්ම අමෙරිකානු ආර්ථිකයට ප්‍රබල පහරක් වනු ඇති බවයි.

ඒ අනුව අත්ලාන්තික් සාගරයෙන් පිටත ආර්ථිකයින්ට එය ප්‍රභලවම බලපෑමක් සිදු වන බව ඇය පැවසුවාය.

එමෙන්ම ඉදිරියේදී ඉහළ යන පිරිවැය හේතුවෙන් ජර්මානු මෝටර් රථ කර්මාන්තයට බලපැම් එල්ල විය හැකි බව මෝටර් රථ නිෂ්පාදකයින් පවසයි.

ඔවුන් සඳහන් කළේ මේ වන විටත් ඔවුන්ගේ පිරිවැය බිලියන ගණනින් ඉහළ ගොස් ඇති බවයි.
අගෝස්තු 01 සිට 30%ක් ලෙස නිවේදනය කළ බදු සම්බන්ධයෙන් මෙක්සිකෝවද අමෙරිකාව විවේචනය කර තිබේ.

ට්‍රම්ප්ගේ තීරු බදු ගිවිසුම අසාධාරණ ගිවිසුමක් බවත් ඒ සඳහා එකඟ නොවන බවත් මෙක්සිකානු ආර්ථිකය සහ විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

 
 
 
 


Top Stories
wedivistara

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

wedivistara

ලූස් පොල්තෙල් අලෙවිය නතර කිරීමේ සූදානමක්

wedivistara

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ගෙන් දඩ අය කිරීමට පියවර

wedivistara

SLIIT ආයතනය, යළි මහපොළ අරමුදල මගින් පරිපාලිත ආයතනයක් බවට පත් කිරීමට කෝප් කමිටුවෙන් නිර්දේශ

wedivistara

ජනාධිපතිවරණ පොරොන්දුවල ප්‍රගතිය විමර්ශන​ය කිරීම​ට Anura Meter නමින් Online මෙවලමක්

wedivistara

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ් කිරීමට නියෝග

Trending
wedivistara

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති හමුවෙයි

wedivistara

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි

wedivistara

අලුත් ඩිජිටල් සේවා බද්ද ක්ෂේත්‍රයට බලපෑමක් බව සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි

wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණියට ඇප

wedivistara

පාකිස්ථානයේ ළමා ශ්‍රමිකයින් මිලියනයක් ගැන අනාවරණයක්


NEWS ALERT