International

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළට

Wednesday, 28 August 2024 - 8:22 am

ඊශ්‍රායලය සහ හෙස්බුල්ලා සංවිධානය අතර යුද ගැටුමක උණුසුම වර්ධනය වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යෑමේ අවදානමක් මතු වී ඇතැයි ද, පෙරේදා වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79.54 දක්වා 0.66% කින්ද, අමෙරිකානු ටෙක්සාස් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.34 දක්වා 0.68% කින්ද ඉහළ ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එය සතියකට පසු ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල එවැනි අගයකින් ඉහළ ගිය පළමු අවස්ථාව බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඊශ්‍රායලය ඉලක්ක කරමින් පසුගියදා හෙස්බුල්ලා සංවිධානය රොකට් ප්‍රහාර 320ක් එල්ල කර තිබූ අතර, ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ හෙස්බුල්ලා සංවිධාන ඉලක්ක වෙත මිසයිල ප්‍රහාරමාලාවක් එල්ල කිරීමත් සමඟ දෙපාර්ශ්වය අතර යුද උණුසුම වර්ධනය වී තිබිණි.


Top Stories
wedivistara

ප්‍රතිදේහ එන්නත් චෝදනාවලට කෙහෙළිය ඇතුළු පිරිසට සිතාසි නිකුත් කෙරේ

wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT