Sports

කිරුළ නවසීලන්තයට – දකුණු අප්‍රිකාවට අනුශූරතාව

Tuesday, 22 October 2024 - 10:29 am

2024 කාන්තා විස්සයි – 20 ලෝක කුසලානය

2024 කාන්තා විස්සයි – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වරට ලෝක කුසලාන කිරුළ පැළඳීමට නවසීලන්ත ක්‍රීඩිකාවෝ පෙරේදා (20දා) සමත් වියග ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම අවසන් මහා තරගයේ දී දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට එරෙහිව ලකුණු 32ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ඔවුන් මෙම කිරුළට හිමිකම් කීවේය.

9 වැනි වරට පැවැති මෙවර තරගාවලියේ මෙතෙක් අනුශූරතාවලින් පමණකින් සෑහීමකට පත්ව සිටි කණ්ඩායම් ද්විත්වයක් වන නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අවසන් මහා තරගය සඳහා එක් වීම විශේෂත්වයක් වූ අතරල ඒ අනුව පැවැති තරගයේ ජයග්‍රහණය ලබාගත් නවසීලන්ත ක්‍රීඩිකාවන් එම කඩඉම පසුකර යෑමට සමත්වූ අතරල පරාජිත දකුණු අප්‍රිකා ක්‍රීඩිකාවන්ට සිදු වූවේ තව දුරටත් එම කඩඉමේම රැඳී සිටීමටයග දකුණු අප්‍රිකා ක්‍රීඩිකාවන්ට මෙවර තරගාවලියේදී මෙන්ම පෙර අවස්ථාවේ දී ද අනුශූරතාවයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 158ක් ලබාගැනීමට සමත්වූ අතරල ඊට පිළිතුරු ලෙසින් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වූයේ නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 126ක් පමණි.

නවසීලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනියන් දෙදෙනා වන ජෝර්ජියා ප්ලෙමර් සහ සුෂී බෙට්ස් ට සාර්ථක ආරම්භක කඩුල්ලේ සබඳතාවක් ගොඩනැඟීමට අවස්ථාව ලබා නොදුන් අයබොන්ගා කාකහ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු සංඛ්‍යාව 16ක්ව තිබියදී ජෝර්ජියා ප්ලෙමර් ව ලකුණු 09කට පිටියෙන් ඉවත් කිරීමට සමත්වියග නමුත් 2 වැනි කඩුල්ලට ලකුණු 37ක සබඳතාවක් ගොඩනඟමින් කණ්ඩායම යම් ස්ථාවර මට්ටමකට ගෙන ඒමට සුෂී බෙට්ස් සහ අමීලියා කීර් සමත් විය.

නවසීලන්ත කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලෙස සුෂී බෙට්ස් ලකුණු පුවරුව 53ක් වන විට ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට නොන්කුලුලිකෝ මලබා සමත් වූ අතර ඒ වන විට බෙට්ස් පන්දු 31කින් ලකුණු 32ක් ලබා තිබිණිග අනතුරුව සොෆී ඩෙවිනි ලකුණු 6කට තෙවැනි කඩුල්ල ලෙස මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 70 දී දවාගත්තදල නවසීලන්ත ඉනිමේ වැදගත්ම සබඳතාව 4 වැනි කඩුල්ල සඳහා ගොඩනැඟීමට අමීලියා කීර් සහ බ්‍රෝකි හේලිඩේ සමත් වියග ඔවුන් දෙදෙනා ගොඩනැඟූ සබඳතාව ලකුණු 57ක් වූ අතර එතෙක් වේලා දක්‍ෂ පිතිහරඹයක නිරත වූ බ්‍රෝකි හේලිඩේ පන්දු 28ක දී හතරේ පහර 3ක් සමගින් ලකුණු 38කට දැවී යෑමත් සමග එම කඩුල්ලේ සබඳතාව නිමාවට පත්වූ අතරල අමීලියා කීර් ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වෙමින් 5 වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වන විට ඇය පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමගින් ලකුණු 43ක් ලබා සිටියේය.

ඒ අනුව නියමිත පන්දු වාර 20 අවසන් වන විට මඩ්ඩේ ග්‍රේන් නොදැවී ලකුණු 12ක් සහ ඉසබෙලා ගස් නොදැවී ලකුණු 3ක් ලබා කඩුල්ලේ රැඳී සිටියේය.

පන්දු යැවීමේදී නොන්කුලුලිකෝ මලබා ලකුණු 31කට කඩුලු 2ක්ල නදිනි ඩිල චොලෝයි ටි්‍රඕන් සහ අයබොන්ගා කාකහ අතරේ කඩුල්ල බැගින් බෙදී ගියේය.

පිළිතුරු ඉනිමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් පළමු කඩුල්ල වෙනුවෙන් නායිකා ලෝරා වොල්වර්ඩ්ට් සහ තෂ්මින් බි්‍රට්ස් එක්ව පන්දු 41ක දී ලකුණු 51ක සබඳතාවක් ගොඩනැඟීමට සමත්වුවද පළමු කඩුල්ල ලෙස තෂ්මින් බි්‍රට්ස් ගේ ඉනිම අවසන් වියග ඒ වන විට තෂ්මින් බි්‍රට්ස් ලකුණු 17ක් ලබා සිටියාය.

අනතුරුව දකුණු අප්‍රිකා ලකුණු පුවරුවට තවත් ලකුණු 8ක් එක්වනවාත් සමගම ලෝරා දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් කිරීමට අමීලියා කීර් සමත්වියග ඇය පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමගින් ලකුණු 33ක් ලබා සිටි අතර එය මෙම ඉනිමේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා විණි.

ඔවුන් දෙදෙනාට අමතර ව චොලෝයි ටි්‍රඕන් ලකුණු 14ක්ල ඇනේරි ඩර්ක්‍රිෂන් ලකුණු 10ක් ලබාගැනීමට සමත් වුවදල දකුණු අප්‍රිකානු අන් කිසිදු පිතිකාරිනියකට ලකුණු 10 සීමාවට මෙපිටින් දවාගැනීමට නවසීලන්ත පන්දු යවන්නියන් සමත්විය.

පන්දු යැවීමේ දී අමීලියා කීර් සහ රෝස්මෝරි මයිර් කඩුලු 3ක් බැගින් දවා ගනිමින් නවසීලන්ත ජයග්‍රහණය වෙනුවෙන් දායක වූ අතර ඊට අමතරව බ්‍රෝකි හේලිඩේල ඊඩ්න් කාර්සන් සහ ෆ්රෑන් ජෝනස් 1 කඩුල්ල බැගින් දවාලීය.

තරගයේ වීරවරිය සහ තරගාවලියේ වීරවරියට හිමි සම්මාන ද්විත්වයෙන්ම පිදුම් ලැබීමට අමීලියා කීර් සමත්විය.


Top Stories
wedivistara

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ මහජනතාව වෙනුවෙන් ඉන්ධන පිරවුම්හල්වලට සනීපාරක්ෂක පහසුකම්

wedivistara

රම්බොඩදී වෑන් රථයක් ප්‍රපාතයක​ට පෙරළී 11 ක් රෝහලට

wedivistara

හයේශිකා ඇතුළු පිරිසට ඇප

wedivistara

අපේක්ෂිත ඇපයක් ඉල්ලා මහින්දානන්ද අලුත්ගමගේගෙන් පෙත්සමක්

wedivistara

කොත්මලේ බස් අනතුරින් මියගිය අයට ජනාධිපති අරමුදලෙන් ලබාදෙන මුදල්, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කෙරේ

wedivistara

බලපත්‍ර නොමැතිව මත්පැන් බෝතල් තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

Trending
wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

නව පාප් වහන්සේ ලෙස Robert Prevost තේරී පත්වෙයි

wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

විශ්වවිද්‍යාල සඳහා Online ලියාපදිංචිය ඇරඹෙයි

wedivistara

Hayleys Solar Powers වෙළෙඳපොළට හඳුන්වා දෙයි


NEWS ALERT