International

සියලු බ්‍රික්ස් රටවල් සමග එක්ව කටයුතු කිරීමට චීනය සූදානම්

Thursday, 24 October 2024 - 6:21 pm

පුළුල් බ්‍රික්ස් සහයෝගීතාවයේ, උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා සියලු බ්‍රික්ස් රටවල් සමග එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින බව ජනපති ෂී ජින් පිං පවසනවා.

රුසියාවේ Kazan නගරයේ පැවති 16 වන බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

පොදු ආරක්ෂාව සහතික කිරීම සඳහා ‘සාමකාමී බ්‍රික්ස් යාන්ත්‍රණයක්’ ගොඩනැංවිය යුතු බව එහිදී ප්‍රකාශ කළ චීන ජනාධිපතිවරයා ‘නවෝත්පාදනයෙන් යුත් බ්‍රික්ස් යාන්ත්‍රණයක්’ ගොඩනැංවීමෙන් ගුණාත්මක සංවර්ධනය සහතික කළ යුතු බවත්, තිරසර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා ‘හරිත බ්‍රික්ස් යාන්ත්‍රණයක්’ නිර්මාණය කළ යුතු බවත් ප්‍රකාශ කර තිබෙනවා.

ගෝලීය පාලන පද්ධතිමය ප්‍රතිසංස්කරණයට මඟපෙන්වීම සඳහා ‘සාධාරණත්වයෙන් යුත් බ්‍රික්ස් යාන්ත්‍රණයක්’ ද ගොඩනැංවිය යුතුව ඇති බවද චීන ජනපතිවරයා එහිදී අවධාරණය කර ඇති බව සඳහන්.

එමෙන්ම ‘මානුෂීය බ්‍රික්ස් යාන්ත්‍රණයක්’ ඔස්සේ සහජීවනයෙන් පිරි ශිෂ්ටාචාරයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇති ෂී ජින් පිං මහතා

මේ අතර, චීන ජනාධිපතිවරයා කියාසිටියේ චීනය බ්‍රික්ස් රටවල් වෙනුවෙන් ගැඹුරු මුහුදේ සම්පත් සඳහා වන ජාත්‍යන්තර පර්යේෂ මධ්‍යස්ථානය ස්ථාපිත කරන බවයි.

එමෙන්ම බ්‍රික්ස් රටවල විශේෂ ආර්ථික කලාප චීන සහයෝගිතා මධ්‍යස්ථානය, බ්‍රික්ස් රටවල කාර්මික ශක්‍යතා චීන මධ්‍යස්ථානය, බ්‍රික්ස් රටවල ඩිජිටල් කර්මාන්තය සඳහා වන ජෛව සහයෝගීතා ජාලය ස්ථාපිත කිරීමට ද චීනය සූදානම් බව ඔහු මෙහිදී අවධාරණය කළා.

මීට අමතරව ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය ලෝක ආර්ථික ප්‍රවණතා වඩාත් හොඳින් පිළිබිඹු කළ යුතු බවත් චීන ජනාධිපති ෂී ජින්පිං වැඩිදුරටත් සඳහන් කළ බවයි වාර්තා වන්නේ.


Top Stories
wedivistara

ප්‍රතිදේහ එන්නත් චෝදනාවලට කෙහෙළිය ඇතුළු පිරිසට සිතාසි නිකුත් කෙරේ

wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT