International

දරුවන්ට රූපවාහිනී තිර නැරඹීමට ලබාදීම සුදුසුද?

Monday, 02 September 2024 - 6:54 pm

කුඩා දරුවන්ට රූපවාහිනී තිර නැරඹීමට කිසිසේත්ම ඉඩ ලබා නොදිය යුතු බව ස්වීඩනයේ මහජන සෞඛ්‍ය ඒජන්සිය පවසනවා.

වයස අවුරුදු දෙකට අඩු දරුවන් ඩිජිටල් මාධ්‍ය සහ රූපවාහිනියෙන් සම්පූර්ණයෙන්ම ඈත් කළ යුතු බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

මීට අමතරව වයස අවුරුදු දෙකත් පහත් අතර ළමුන් දිනකට තිර කාලය උපරිම පැයකට සීමා කළ යුතු බව සඳහන් කරන එම ආයතනය වයස අවුරුදු හයේ සිට 12 දක්වා ළමුන්ට දිනකට පැයකට හෝ දෙකකට වඩා වැඩි කාලයක් රූපවාහිනී තිර මත නැරඹීමෙන් වැළකිය යුතු බවට නිර්දේශ කර තිබෙනවා.

ළමයින් නින්දට යාමට පෙර තිර භාවිතා නොකරන ලෙස සහ රාත්‍රියේ නිදන කාමරයෙන් පිටත දුරකථන සහ ටැබ්ලට් තබා ගන්නා ලෙසයි ස්වීඩනයේ මහජන සෞඛ්‍ය ඒජන්සිය සඳහන් කරන්නේ.

අධික තිර භාවිතය හේතුවෙන් දුර්වල නින්ද, මානසික අවපීඩනය සහ ශරීරයේ අතෘප්තියට හේතු විය හැකි බවද පෙන්නුම් කරන බව එම ආයතනය වැඩිදුරටත් පෙන්වාදී තිබෙනවා.


Top Stories
wedivistara

ප්‍රතිදේහ එන්නත් චෝදනාවලට කෙහෙළිය ඇතුළු පිරිසට සිතාසි නිකුත් කෙරේ

wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT