International

අනවසර දේවස්ථානයක් ඉවත් කළේ යැයි උත්තර්කාන්්ඩ් ප්‍රාන්තයේ කෝලාහල

Saturday, 10 February 2024 - 8:21 am

විරෝධතාකරුවන්ගෙන් පොලිසියට ගල්මුල් ප්‍රහාර

දින නියමයක් නැතිව ඇඳිරිනීතිය

දුටු තැන වෙඩි තැබීමේ නියෝගයත් නිකුත් කරලා

5ක් මරුට – 250කට තුවාල

උතුරු ඉන්දියාවේ උත්තර්කාන්ඩ් ප්‍රාන්තයේ හල්ද්වානි නුවර නීතිවිරෝධීව ඉදි කර ඇති මුස්ලිම් දේවස්ථානයක් කඩා ඉවත් කිරීමේ සිදුවීමක් මුල් කරමින් පැතිරී ගිය ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර පුද්ගලයන් පස්දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් 250කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. තුවාල ලැබූ පුද්ගලයන්ගෙන් තිදෙනකුගේ තත්ත්වය බරපතළ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. කඳුළු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කර ප්‍රචණ්ඩ ක්‍රියා මැඬ පැවැත්වීමට උත්සාහ ගත් පොලිස් නිලධාරීන් 50කට වැඩි පිරිසක්ද තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. අනවසර ඉදි කිරීම කඩා ඉවත් කිරීමට එම ස්ථානයට ගොස් සිටි නගර සභාවේ පරිපාලන නිලධාරීන්, සේවකයක් සහ ආවරණ කටයුතු සඳහා ගොස් සිටි මාධ්‍යවේදින් ද තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු මුස්ලිම් විරෝධතාකරුවන් හින්දු ජාතිකයන්ගේ නිවාසවලට යතුරුපැදි, මෝටර් රථ රැසකට ගිනි තබා ඇතැයි ද, පොලිස් බස් රථයක් ද ගින්නෙන් විනාශ වී ඇතැයි ද වාර්තා වේ. ප්‍රාදේශීය පොලිසියකට ගල්මුල්වලින් පහර දී අලාභහානි සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සිද්ධිය පාලනය කිරිමට එම පළාතට දින නියමයකින් තොරව ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කර ඇති අතර, පාසල් සහ සියලු රජයේ ආයතන වසා දැමීමට පියවර ගෙන තිබේ. ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරතවන පුද්ගලයන්ට දුටු තැන වෙඩි තැබීමට පොලිසියට උපදෙස් ලැබී ඇතැයි ද වාර්තා වේ.

ප්‍රචණ්ඩ ක්‍රියා පැතිර ගොස් ඇත්තේ අනවසරයෙන් ඉදි කර තිබු මුස්ලිම් දේවස්ථානය සහ අරාබි මද්රසා පාසල් ගොඩනැඟිල්ල උසාවි නියෝගයක් මත බලධාරීන් විසින් කඩා ඉවත් කරනු ලැබීමත් සමඟ ඇති වූ විරෝධතාව මැඬ පැවැත්වීමට පොලිසිය පියවර ගැනීමත් සමඟ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

දේවස්ථානය කඩා ඉවත් කිරිමේදී ඊට විරෝධතා පෑ කාන්තාවන් පිරිසක් ඉවත් කිරීමට පොලිසිය විසින් ඔවුන්ට පහර දී ඇති බවත්, ඉන් කෝපයට පත් මුස්ලිම් විරෝධතාකරුවන් පොලිස් නිලධාරීන්ට ගල්මුල්වලින් පහරදී ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ. අනතුරුව විරෝධතාකරුවන් විශාල පිරිසක් පොලිසිය වටලා එහි නවතා තිබූ වාහන කිහිපයකට ගිනි තැබීමෙන් පසු පොලිස් ස්ථානයට ද ගිනි තබා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

මේ වන විට කැරලි මර්දන ඒකක ඇතුළු අතිරේක පොලිස් බලඇණි විශාල ප්‍රමාණයක් එම ස්ථානයට පිටත් කර හැර ඇතැයි උත්තර්කාන්ඩ් ප්‍රාන්තයේ පොලිස් ප්‍රධානියා ඉන්දිය මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ.


Top Stories
wedivistara

ප්‍රතිදේහ එන්නත් චෝදනාවලට කෙහෙළිය ඇතුළු පිරිසට සිතාසි නිකුත් කෙරේ

wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT