Sports

ඔස්ට්‍රේලියාවේ ලයන් මුරලිගේ වාර්තාවක් සම කරයි

Monday, 04 March 2024 - 8:34 am

ජාත්‍යන්තර ටෙස්ට් තරග බිමේ හිටපු සුපිරි දඟ පන්දු යවන්නන් වූ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් සහ ඔස්ට්‍රේලියාවේ ෂේන් වෝන් සතුව තිබූ වාර්තාවක් සම කිරීමට ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන ක්‍රීඩක නේදන් ලයන් ඊයේ සමත් විය.

වෙලින්ටන්හිදී නවසීලන්තයට එරෙහිව ඊයේ නිමා වූ පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ලකුණු 65කට කඩුලු 6ක් බිඳ දැමීමත් සමඟ ටෙස්ට් තරගයකදී සත්කාරක රටවල් 9කට එරෙහිව ඉනිමකදී කඩුලු 5ක් බිඳ දැමීමේ ලෝක වාර්තාව සම කිරීමට ලයන්ට හැකි වූ අතර, ඔහුට පෙර මේ දස්කම් පෙන්වා තිබුණේ මුත්තයියා මුරලිදරන් සහ ෂේන් වෝන් පමණි.

දෙවැනි ඉනිමේ කඩුලු 6 සමඟ ලයන් ටෙස්ට් තරගයක සිව් වැනි ඉනිමේදී කඩුලු 119ක් දවා ගැනීමට සමත් වී ඇති අතර, ඔහු එවැනි දස්කමක් දැක්වූ ලොව දෙවැනි පන්දු යවන්නා බවට පත්වූයේ ශ්‍රී ලංකාවේ රංගන හේරත් (115) අබිබවා යමිනි. එහි පළමු තැන ෂේන් වෝන්ට හිමිව ඇත්තේ කඩුලු 138ක් සමඟිනි.

ලයන් මේ තරගයේදී කඩුලු 10ක් (43/4 හා 65/6) බිඳ දැමීමට සමත් වූ අතර, ඔහු වසර 18කට පසුව නවසීලන්ත භූමියේ ටෙස්ට් තරගයකදී කඩුලු 10ක් බිඳ හෙලූ පළමු දඟ පන්දු යවන්නා ලෙසින් ද වාර්තා අතරට එක් විය. අවසන් වරට මුත්තයියා මුරලිදරන් නවසීලන්තයට එරෙහිව 2006 වසරේ ටෙස්ට් තරගයකදී කඩුලු 10ක් (4, 6) දවා ගෙන තිබිණි.

එම වසරෙන් පසු නවසීලන්තයේදී දඟ පන්දු යවන්නන් දෙදෙනකු ටෙස්ට් තරගයක කඩුලු 5 සම්පූර්ණ කළ තරගය ලෙස ද මෙය වාර්තා වූ අතර, ලයන්ට අමතරව නවසීලන්තයේ ග්ලේන් පිලිප්ස් ඔස්ට්‍රේලියා දෙවැනි ඉනිමේදී ලකුණු 45කට කඩුලු 5ක් දවා ගත්තේය.

මේ තරගයෙන් ඔස්ට්‍රේලියාව ලකුණු 172ක ජයක් වාර්තා කිරීමට සමත් විය.

මෙය ඔස්ට්‍රේලියාව නවසීලන්තයට එරෙහිව නොකඩවා ලබාගත් 6 වැනි ටෙස්ට් ජය, වසර 25ක කාලයක් තුළ නවසීලන්තය ටෙස්ට් තරගයක ඉනිම දෙකේදීම ලකුණු 200ට අඩුවෙන් දැවී ගිය දෙවැනි අවස්ථාව ලෙස ද වාර්තා පොතට එක් විය.

දෙපිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය 8 වැනිදා ක්‍රයිස්චර්ච්හිදී ආරම්භ වෙයි.


Top Stories
wedivistara

හජ් උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්

wedivistara

පොසොන් සතිය අදින් ඇරඹෙයි

wedivistara

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය සංඥා පද්ධතිය අද සහ හෙට විශේෂ පරීක්ෂාවට ලක් කෙරේ

wedivistara

වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩ වර්ජනය අද උදෑසන 8.00 ට අවසන්

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලට ප්‍රමුඛත්වය දෙන්න – ජනපතිගෙන් උපදෙස්

Trending
wedivistara

COVID රෝගය සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැහැ - සෞඛ්‍ය අමාත්‍යංශය

wedivistara

ලෝකය හමුවේ ලංකාව බැබළ වූ අනුදිට අගමැතිනියගේ ස්තූතිය

wedivistara

ජාවාරම්කාර කළු යාන්ත්‍රණය සම්පූර්ණයෙන් බිඳ දැමීමට කටයුතු කරනවා - ජනපති

wedivistara

දකුණේ අපරාධකරුවන් දෙදෙනකුගේ ඡායාරූප AI තාක්ෂණයෙන් හදයි

wedivistara

සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුවක්

wedivistara

කැකිරාව තේරීම් භාර නිලධාරියාට අභියාචනාධිකරණයෙන් තහනම් නියෝගයක් නිකුත් කෙරේ


NEWS ALERT