Local

VAT : අලුත් VAT බදු පැනවූ අයිතම 95 ලැයිස්තුව ‍

Monday, 11 December 2023 - 9:18 pm

2024 වසරේ ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වැට් ඇතුළත් වන භාණ්ඩ ලැයිස්තුව මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අයිතම 95 ක් සඳහා මීට පෙර 0% වැට් බද්ද අය කළ වැට් බද්ද 18% ක් දක්වා අය කෙරෙන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව LP ගෑස්, පෙට්‍රල්, ඩීසල් සඳහාද වන වැට් බද්ද පනවා ඇති අතර සියලු ජංගම දුරකථන, වෛද්‍ය හා තාක්ෂණික උපකරණ, ඖෂධ නිෂ්පාදනය කරන යන්ත්‍ර සූත්‍ර සහ ගිලන් රථ ආනයනය කිරීමේදීද වැට් බද්ද පනවා තිබෙනවා.

රසායනික පොහොර කෘෂිකර්ම යන්ත්‍රෝපකරණ, සූර්ය පැනල, ගෘහස්ථ සූර්ය බල පද්ධති, දේශීයව නිෂ්පාදනය කරන සීනී, ස්වර්ණාභරණ, මෘදුකාංග, ෆාම් ඔයිල්, කොප්පරා, රබර්, බිත්තර, තේ, පොල්තෙල්, පොල් කිරි හා දියර කිරි සඳහාද වැට් බද්ද පනවා ඇති බවද සඳහන්.

පාවහන් නිෂ්පාදනයට යොදාගන්නා නිම කරන ලද සම්භාණ්ඩ, චිත්‍ර ශිල්පීන් විසින් නිර්මාණය කරන චිත්‍ර අලෙවි කරන අවස්ථාවේදීද වැට් බද්ද පනවා ඇති අතර සංචාරකයින් ගෙන්වීමේදී ලබාදෙන සේවාවන් සඳහා සංචාරක ආයතනවලින් ඊට අදාළව ලබාදෙන සේවාවන් සඳහාද වැට් බද්ද පනවා තිබෙනවා.

චිත්‍රපට බෙදාහැරීම, ප්‍රදර්ශනය, නිෂ්පාදනයේදී රසායනාගාර පහසුකම් සඳහා වැට් බද්ද පනවා ඇති අතර දේශීය ධාන්‍ය වර්ග යොදා ගනිමින් නිෂ්පාදනය කරන අධිපෝශිත ආහාර (ත්‍රිපෝෂ) සහ දේශීයව නිෂ්පදිත පොල්තෙල් සඳහාද වැට් බද්ද පනවා ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ සම්පූර්ණ ලැයිස්තුව පහතින්. 

news images news images news images news images news images news images news images news images news images
 


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT