International

“මෙගා භූමි කම්පා” අනතුරක් ගැන ජපානය බියෙන් - අගමැති කිෂිඩා විදෙස් ගමනුත් නවතයි

Saturday, 10 August 2024 - 10:23 am

නොබෝ දිනකින් ජපානයේ පැසිෆික් වෙරළට ඔබ්බෙන් “මෙගා භූමි කම්පාවක්” ඇතිවීමේ අවදානමත් තිබෙන බවට විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.
 දකුණු දෙසින් පිහිටි ප්‍රධාන දූපතක් වන කියුෂු හි රික්ටර් ඒකක 7.1 ක භූමිකම්පාවක් පසුගිය බ්‍රහස්පතින්දා ඇතිවූ අතර පසුව සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණත් මරණ හෝ විශාල හානියක් වාර්තා වී තිබුනේ නැති අතර “මෙගා භූමි කම්පාවක්” ගැන අනාවැකිය මතුවන්නේ එම භූමිකම්පනය සිදුවීමෙන් පසු විද්‍යාඥයින් කළ වැඩිදුර විමර්ශන වලිනි.

නව භූමි කම්පා අනතුර ඇඟවූ පසු ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා මෙම සති අන්තයේ මධ්‍යම ආසියාවේ දමාගෙන තිබූ සංචාරය අවලංගු කර තිබේ . ඔහු සිකුරාදා සවස  කසකස්තානයේ සමුළුවකට හා සඳුදා සවස උලාන්බාතාර්හිදී මොන්ගෝලියානු ජනාධිපතිවරයා හමුවීමට නියමිතව තිබූ බව කියෝඩෝ ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.
ලබන මාසයේ පැවැත්වෙන මැතිවරණ පූර්ව තේරීම් තරගවලදි ඔහුගේ නායකත්වයට අභියෝගවලට මුහුණ දෙන කිෂිඩා නව තත්වය සමග රට ගැන හිතා තීන්දු තීරණ ගනිමින් සිටී.
ජපාන ජාතික රූපවාහිනිය වන NHK පැවසුවේ කිෂිඩාගේ විදේශ සංචාරය අවලංගු කර ඇති නිසා ඔහුට ඕනෑම සිදුවීමකට සූදානම් විය හැකි බවයි.
කාලගුණ විද්‍යා ඒජන්සියේ මෙගාකම්පා උපදේශනය අනතුරු ඇඟවූයේ “ඉදිරියේදී විශාල භූමිකම්පාවක් සිදු වුවහොත්, ප්‍රබල සෙලවීම් සහ විශාල සුනාමි ජනනය වනු ඇති” බවයි.
එය තවදුරටත් මෙසේ පැවසීය: 'නව මහා භූමිකම්පාවක සම්භාවිතාව සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි ය, නමුත් මෙය නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ විශාල භූමිකම්පාවක් නියත වශයෙන්ම සිදුවනු ඇති බවට ඇඟවීමක් නොවේ.'
අතීතයේ දී දැවැන්ත භූමිකම්පා ඇති වූ පැසිෆික් සාගරයේ භූමිකම්පා තහඩු දෙකක් අතර පිහිටි 'නන්කායි අගල' විශේෂිත කලාපයකි.
කිලෝමීටර් 800ක් (සැතපුම් 500ක්) මුහුද යට පිහිටි මෙම අගල ටෝකියෝවට බටහිරින් ෂිසුඕකා සිට කියුෂු හි දකුණු කෙළවර දක්වා දිවෙන අතර සෑම වසර 100 සිට 200 දක්වා රික්ටර් ඒකක  8 හෝ ඒකක 9 ප්‍රමාණයේ විනාශකාරී භූමිකම්පා ඇති කරවන ස්ථානයක් වී ඇත.
බොහෝ විට යුගල වශයෙන් සිදුවන මෙම  “මෙගා භූමිකම්පා”, ලෝකයේ වඩාත්ම භූ කම්පන ක්‍රියාකාරී රටවලින් එකක් වන ජපානයේ දකුණු වෙරළ තීරයේ භයානක සුනාමි මුදා හැර තිබේ .
1707 දී ඇතිවූ භූමි කම්පාවෙන්  නන්කායි අගලෙහි සියලුම කොටස් එකවර පුපුරා ගිය අතර, 2011 මාර්තු භූමිකම්පාවෙන් ඊසානදිග වෙරළ තීරයේ මිනිසුන් 18,000 කට වැඩි පිරිසක් මිය ගිය සුනාමියක් ඇති විය.
ෆුකුෂිමා ඩයිචි න්‍යෂ්ටික බලාගාරයේ තුන් ගුණයකින් දියවී යාමට හේතු විය.
රජයේ විශේෂඥයින් විශ්වාස කරන්නේ 8 හෝ 9 ප්‍රමාණයේ මෙගා කම්පනයක් සිදු වීමට 70% සිට 80% දක්වා සම්භාවිතාවක් පවතින බවයි. කෙසේ වෙතත් මෙම භූමි කම්පාව කවදා සිදුවේදැයි පවසා නැත.
නරකම අවස්ථාවෙහිදී, ව්‍යසනයෙන් පුද්ගලයන් 300,000ක් මිය යනු ඇති බවටත් බියගන්වා ඇත, සමහර විශේෂඥයින් ඩොලර් ට්‍රිලියන13ක් තරම් ඉහළ මූල්‍ය හානියක් ඇස්තමේන්තු කරයි.

'නන්කායිහි මහා භූමිකම්පා වල ඉතිහාසය ඒත්තු ගැන්වෙන තරම් බියජනක ය' යනුවෙන් භූ විද්‍යාඥ කයිල් බ්‍රැඩ්ලි සහ ජුඩිත් ඒ හබ්බාර්ඩ් ඔවුන්ගේ භූමිකම්පා බුද්ධි පුවත් පත්‍රිකාවේ ලියා ඇති නමුත් මහජනයා කලබල වීමට අවශ්‍ය නොවන බව වැඩිදුරටත් දන්වා ඇත.

බ්‍රහස්පතින්දා භූමිකම්පාව පූර්ව කම්පනයක් බවට 'කුඩා සම්භාවිතාවක්' පමණක් තිබුනි, බ්‍රැඩ්ලි සහ හබ්බාර්ඩ් මෙසේ ලිවීය: 'එක් අභියෝගයක් නම්, දෙවන භූමිකම්පාවක අවදානම ඉහළ ගියත්, එය තවමත් අඩු මට්ටමක පැවතීමයි.'


Top Stories
wedivistara

නිලධාරී යාන්ත්‍රණයට නැවත නැවත කියන්නේ වෙනස් වෙන්න, නැත්නම් සහතික වශයෙන් වෙනස් කරනවා - ජනපති

wedivistara

හොඳ ප්‍රවාහන ක්ෂේත්‍රයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ ජුලි 01 වැනිදා සිට ආරම්භ කරනවා - බිමල් රත්නායක

wedivistara

මෙරට වයස්ගතම හිමිනම අපවත් වෙති

wedivistara

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් දුම්රිය දෙකක් එකම පීල්ලක ධාවනය වෙයි

wedivistara

පාසල් පරිශ්‍රවල ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග නිවාරණය කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

wedivistara

ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් පිටව යයි

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

හදිසි ආපදා තත්ත්වයකදී 117 අමතන්න

wedivistara

මිනිස්සු බලාපොරොත්තු වන්නේ අලුත් පක්ෂයක්. මෙතෙක් කල් ආණ්ඩුව කරපු දේවල් ගැන ජනතාව සෑහීමකට පත්වෙලා නැහැ.


NEWS ALERT