Sports

රටේ කොප­මණ ප්‍රශ්න තිබු­ණත් පාර්ලි­මේ­න්තුවේ කතා­වත් ක්‍රිකට් ගැනයි

Saturday, 13 January 2024 - 5:47 am

ශ්‍රී ලංකා ක්‍රිකට් පිල තරග ජයග්‍රහණය කරද්දී හා පරාජය වෙද්දී ප්‍රේක්ෂකයන් කණ්ඩායම සමඟ සිටි බවත් ඔවුන්ගේ ආශීර්වාදය නිබඳවම ලැබූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග පැවසීය. එහෙත් ශ්‍රී ලංකාවේ ජන ජීවිතයට අදාළ දැවැන්ත ප්‍රශ්න තිබියදී පාර්ලිමේන්තුවේදී පවා ක්‍රිකට් පිළිබඳ කතා කළ බව වනිඳු හසරංග පැවසීය.

“පසුගිය කාලේ තරග පරාජය වූ නිසා මේ තරග තුන බලන්න ආවේ නැහැ කියන්න බෑ. මොකද අද ගේට් දෙකක් ඕපන් කරලා තියෙනවා නොමිලේ. එතකොට මැච් බලන්න එනවා. එතකොට හිතන්න පුළුවන්නේ මැච් පරදින නිසාද? එහෙම නැත්නම් ප්‍රේක්ෂකයන්ට මේ කාලයේ ඇති අපහසුතා ද, වෙනත් ප්‍රශ්න ඔවුන්ට තියෙනවාද කියා හිතන්න වෙනවා. කොහොම වුණත් මීට වැඩිය ප්‍රශ්න ශ්‍රී ලංකාවේ තිබියදී පාර්ලිමේන්තුවේ අයත් කතා කළේ ක්‍රිකට් ගැනයි. තරග දිනනකොටත් පරදිනකොටත් හැමදාම ප්‍රේක්ෂකයෝ අපි එක්ක හිටියා” වනිඳු හසරංග පැවසීය.

මාස 6කට පසු එක්දින ජාත්‍යන්තර පිටියට පිවිසි වනිඳු හසරංග සිම්බාබ්වේ පිලට එරෙහිව තෙවැනි එක්දින තරගයේදී කඩුලු 7ක් බිඳ හෙළා දස්කම් දැක්වීමත් සමඟ තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කළේය.

ලොව ජාත්‍යන්තර එක්දින තරගවලදී හොඳම 5 වැනි පන්දු යවන්නා ලෙස වාර්තා පොත් අලුත් කළ වනිඳු හසරංග, ජාත්‍යන්තර එක්දින තරගයකදී ආර්. ප්‍රේමදාස තණතිල්ලේ හොඳම පන්දු යැවීම සටහන් කිරීම ද විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ එක්දින තරගවල හොඳම දෙවැනි පන්දු යැවීම වාර්තා පොතේ සටහන් කළ හෙතෙම චමින්ද වාස් 2001 වසරේ එස්එස්සී පිටියේදී සිම්බාබ්වේ පිලට එරෙහිව ලකුණු 19කට කඩුලු 8ක් බිඳ හෙළමින් තබා තිබූ ශ්‍රී ලංකාවේ හොඳම එක්දින පන්දු යැවීමට දෙවැනි වූවේය.

වනිඳු එක්දින ක්‍රිකට් දිවියේ ඕවර 5.5-1-19-7ක් වූ ඔහුගේ හොඳම පන්දු යැවීම ඊයේ වාර්තා කළ අතර, මෙයට පෙර අයිසීසී ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ බුලවායෝහිදී ඔහු ඕවර 8-1-24-6ක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිලට එරෙහිව හොඳම දක්ෂතාව සටහන් කොට තිබිණි.

පාදයේ ආබාධයෙන් පසු වෛද්‍ය උපදෙස් අනුගමනය කරමින් නිසි වේලාවට පිටියට පිවිසි වනිඳු නිවැරදි රිද්මයකින් යුතුව කඩුල්ල කෙළින්ම පන්දු යැවීම කැපී පෙනිණි. එහි ප්‍රතිඵලයක් ලෙස සිම්බාබ්වේ පිතිකරුවන් සිවුදෙනකු කඩුල්ල මුවා කිරීමේ වරදට ගොදුරු වූ අතර, තවත් පිතිකරුවෙක් පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ක්‍රීඩාගාරයට ගියේය.

“මම මාස 6කට පසුවයි එක්දින පිටියේ සෙල්ලම් කළේ. ඇවිත් පළමු තරගයේදීම මෙවැනි දස්කම් දක්වන්න ලැබීම සතුටුයි. අලුත් කණ්ඩායමක් අලුත් වසරක මේ ලැබූ ජය පිළිබඳ සතුටුයි. ඉදිරියේ විස්සයි20 නායකත්වය මට ලොකු පීඩනයක් වෙයි කියා හිතන්න බෑ. එල්පීඑල් වසර 2ක් නායකත්වය දැරුවා. එයින් අවසන් වසරේ ජය ගත්තා. කණ්ඩායමට උපරිම දේ කරනවා. පීඩනයක් ගන්නේ නැතිව නායකයා වුණත් ක්‍රීඩකයෙක් වුණත් කණ්ඩායමට අවශ්‍ය දේ කරන්න මට පුළුවන්.”

“මගේ ආබාධය දැන් සම්පූර්ණයෙන්ම සුවයි. නැත්නම් ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කරන්න බෑ. මෙයට කලින් මා අන්තර් ක්‍රීඩා සමාජ තරග 2කට ක්‍රීඩා කරලයි ආවේ. ආබාධය ගැන කිසිම අවිශ්වාසයක් නෑ. මට ලෝක කුසලානය අහිමි වුණා. ක්‍රීඩකයෙක් විදිහට කනගාටුදායක දෙයක්. අවුරුදු 4ක් ක්‍රීඩා කරලා ලෝක කුසලානය ළංවෙද්දී ආබාධ වුණා. ඒ ආබාධය එල්පීඑල් ගහලා වුණ දෙයක් නොවෙයි. එල්පීඑල් එකෙන් පස්සේ සුව වුණා. යළි ආබාධ වුණේ දුවන්න ගිහින්. ඒක වෙනම ආබාධයක්. වුණ දේවල් කතා කර කර ඉන්නේ නැතිව ඉදිරි දේවල් ගැන අවධානය යොමු කළ යුතුයි” වනිඳු පැවසීය.

“ඉදිරි විස්සයි20 නායකත්වය ලැබුණා. මාස 5කින් පසු එන ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවේ හොඳම කණ්ඩායම මට අවශ්‍යයි තරග දිනවන්න. ඒ ලෝක කුසලානය අපේ දැන් එකම සැලසුමයි. අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ සහයෝගය අරන් ක්‍රීඩා කරන්නයි සැලසුම”

“ආබාධය සුව කරගන්න විශාල දෙනෙක් උදව් කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තුතියි. ශල්‍යකර්මය ඉතා සාර්ථකයි. ශල්‍ය වෛද්‍ය විශේෂඥවරයා විශාල කැපවීමක් කළා. සමාජ මාධ්‍ය මම බලන්නේ නෑ. නමුත් එක එක ෆොටෝ සමහරු එවලා තිබ්බා. ඒ අය දැන් තේරුම් ගනියි මොකක්ද වෙලා තිබුණේ කියා. මට ක්‍රීඩකයෙක් ලෙස හැමදේම ලැබුණේ ක්‍රිකට් නිසා නැතිනම් කවුරුවත් දන්නේ නෑ වනිඳු කියලා කෙනෙක් ගැන. පොඩි කාලේ ඉඳලම තිබුණේ ශ්‍රී ලංකා පිල නියෝජනය කිරීමටයි”

“ප්‍රේමදාස පිටියේ තණතිල්ල දැන් ටිකක් හොඳයි. ඉදිරියේදී හොඳ තණතිලි ලැබෙයි අපේ ක්‍රීඩකයන්ට සුපුරුදු දක්ෂතා අතරට එන්න” වනිඳු හසරංග පැවසීය.

 
 
 
 


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT