Local

වැඩි ඡන්ද ලක්‍ෂ 13යි.. දෙවැනි මනාපය කුමක් වුවත් ජනපති අනුරයි..

Sunday, 22 September 2024 - 5:22 pm
Breaking News

දැනට මුල් වටයේ ඡන්ද ගණන් කිරීම් අනුව අනුර දිසානායක මහතා ඉහළින්ම ජයග්‍රහණය කර ඇතැයි ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

මුල් වටයේ ගණන් කිරීම් අනුව ලක්‍ෂ දහතුනක වැඩි ඡන්ද ප්‍රමාණයක් අනුර දිසානායක මහතා ලබාගෙන ඇති බවද හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් කිසිදු අපේක්ෂකයෙකු සියයට පනහක ප්‍රමාණය ලබාගෙන නොමැති නිසා දෙවන තුන්වන මනාප ගණන් කිරීමද මැතිවරණ පනතට අනුව කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව දෙවන තුන්වන මනා ගණන් කිරීමද අවසන් වන තුරු අවසන් ප්‍රතිඵලය නිකුත් නොකිරීමට මැතිවරණ කොමිසමක් බැඳී සිටින බවද හෙතෙම කියා සිටියේය.

දෙවෙනි මනාපයේ ප්‍රතිඵලය කුමක් වුවද අනුර දිසානායක මහතාගේ ජයග්‍රහණයට එය කිසිදු බාධාවක් නොවන බවද පැවසූ ඔහු කිසිදු අක්‍රමයකතාවයක් සිදු නොවන බවත් මැතිවරණ නීතිය අනුව කටයුතු කරමින් සිටින බවත් හෙතෙම තවදුරටත් කියා සිටි.


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT