Local

මත් ජාවාරම්කරුවන් මඩින්න අලුත් වැඩක්

Monday, 26 February 2024 - 4:18 pm

යුක්තිය මෙහෙයුමින් හදුනාගත් මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන්, ස්වකැමැත්තෙන් මත් ද්‍රව්‍ය මෙරටින් තුරන්කිරීමේ සහයකයින් ලෙස දායකත්වය ලබා ගැනීමේ නව වැඩ සටහනක් කහටගස්දිගිලිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඊ .එස් .අබේසේකර ආරම්භ කර ඇත.

ඒ අනුව කහටගස්දිගිලිය නගරයේ මත් කුඩු, මත් පෙති ඇතුලු විවිධ ජාවාරම් වල නියැලුනු තරුණ ජාවාරම් කරුවන් 20 ට ආසන්න ප්‍රමාණයක් තෝරා ගනිමින් මෙම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහන්වල නියමුවන් ලෙස පත් කර ගෙන ඇත.

ඊයේ(25) කහටගස්දිගිලිය පොලිස් ස්ථානයේ දී මෙම නව වැඩ සටහන කහටගස්දිගිලිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඊ .එස් .අබේසේකර ප්‍රමුක විශේෂ පොලිස් කණ්ඩියමක් විසින් පැවැත්වූහ.

මෙහිදී මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් පිළිබඳ සෘජු තොරතුරු ලබා ගැනීම හා එම ජාවාරම් කරුවන් නගරය තුළ ජාවාරම් සිදු කළ ආකාරය පිළිබඳව පූර්ණ සාකච්ඡාවක් පැවැත්වූහ.

මේ අනුව ඉදිරියෙදී කහටගස්දිගිලිය පොලිස් බල ප්‍රදේශයේ දී මතට තිත තැබෑමේ වැඩ සටහන සාර්තකව සිදු කරන බව වැඩිදුරටත් කහටගස්දිගිලිය පොලිසිය පැවැසීය.


Top Stories
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

රට පුරා ත්‍රිපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට සැලසුම්

wedivistara

බස් රථවල ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්!

wedivistara

කෝටි හතරක් පැහැරගත් මුදල් භාරකරුට වැඩ වරදී

wedivistara

2025 වස‍රේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 120.5 ක ආදායමක්

Trending
wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT