Sports

ශ්‍රී ලංකා පිල අද සිව්දින පුහුණු තරගය අරඹයි

Wednesday, 14 August 2024 - 1:12 pm

එංගලන්තයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරගාවලියට පෙර එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව අද (14) වෝස්ට්ෂයර්හිදී සිව්දින පුහුණු තරගයකට එක්වෙයි.

මේ සංචාරයට එක්වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම කොටස් දෙකක් ලෙස එංගලන්තයට ගිය අතර, මේ වන විට එම සංචාරයට නම් කළ 18 දෙනකුගෙන් යුත් සංචිතයෙන් ක්‍රීඩකයන් 16 දෙනකු එරටට ගොස් සිටිති.

මේ සංචාරයට නම් කළ කමිඳු මෙන්ඩිස්ට සහ ජෙෆ්රි වැන්ඩර්සේට වීසා ගැටලු හේතුවෙන් තවමත් එංගලන්තය බලා පිටත්වයෑමට නොහැකි වී ඇති බැවින් පුහුණු තරගය අහිමි වනු ඇතැයි වාර්තා වේ.

වැන්ඩර්සේ ප්‍රමාද වී මේ සංචිතයට කැඳවීම හේතුවෙන් ඔහුගේ වීසා අයදුම්පත යොමු කිරීමට පමා වී තිබුණ ද කමිඳුගේ අයදුම්පත් ප්‍රධාන සංචිතය සමඟ භාර දී ඇති බව සඳහන් වේ.

පුහුණු තරගය සඳහා එක්වන ක්‍රීඩකයන් 12 දෙනකුගෙන් සමන්විත එංගලන්ත ලයන්ස් කණ්ඩායමට පසුගිය පෙබරවාරි මස මෙරටදී ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ යොවුන් තරගාවලියට එක්වූ ෆර්හාන් අහමඩ්, එඩී ජැක්, බෙන් මැකින්නි සහ හම්ෂා ෂෙයික් මේ සංචිතයට එක්ව සිටීම විශේෂත්වයකි. සමාන් අක්ටර් පළමු වරට මේ සංචිතයට කැඳවා තිබේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළේ හිටපු එංගලන්තයේ පිතිකරු ඉයන් බෙල් මේ සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස පත් කළ බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්ත තණතිලි ගැන අවබෝධයක් ලබා ගනිමින් පිතිකරුවන්ට නිවැරැදි සූදානමක් හා මඟ පෙන්වීමක් ලබා ගැනීම මෙහි අරමුණ වී තිබේ. බෙල් අනිද්දා සිට ශ්‍රී ලංකා පිල සමඟ එක්වීමට නියමිතය.

එරට පවතින තත්ත්වයන් පිළිබඳ ක්‍රීඩකයන්ට අවබෝධයක් ලබාදීම සඳහා දේශීය දැනුමත් ඇති අයෙකු එක් කර ගැනීම පිණිස බෙල් එක් කර ගත් බවත්, ඔහුට එංගලන්තයේ ක්‍රීඩා කර අත්දැකීම් රාශියක් ඇති බැවින් ඔහුගේ දායකත්වය මේ තීරණාත්මක සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට උපකාරිවනු ඇතැයි විශ්වාස කරන බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසා තිබිණි.

ස්ටොක්ස්ට ආබාධයක්

එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටොක්ස්ට ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලිය අහිමි වීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ.

ඒ මේ දිනවල එංගලන්තයේ පැවැත්වෙන ද හන්ඩ්‍රඩ් තරගාවලියේදී ඔහු මස්පිඬු ආබාධයකට ලක්වීම හේතුවෙනි. එම තරගාවලියේ නොදර්න් සුපර්චාජර්ස් පිල නියෝජනය කළ ස්ටොක්ස් මැන්චෙස්ටර් ඔරිජිනල්ස් කණ්ඩායමට එරෙහිව පිතිකරණයේ යෙදී සිටියදී මේ ආබාධයට ලක්ව තිබේ.

ස්ටොක්ස් ඊයේ ස්කෑන් පරීක්ෂණයකට ලක්කිරීමට නියමිතව තිබූ අතර, එහි ප්‍රතිඵල අනුව ඔහු ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියට එක්වීමේ අවසන් තීරණය ගැනීමට නියමිත බව එංගලන්ත ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබිණි. එංගලන්ත පිලේ තවත් තුන්ඉරියව් ක්‍රීඩකයකු වන ක්‍රිස් වෝක්ස් ද ආබාධයක් හේතුවෙන් ද හන්ඩ්‍රඩ් තරගාවලියෙන් ඉවත් කිරීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.

තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය මේ මස 21 වැනිදා මැන්චෙස්ටර්හිදී ආරම්භ වීමට නියමිතය.


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT