International

ලොව විශාලතම මහමැතිවරණය අද ඉන්දියාවේ ඇරඹේ

Friday, 19 April 2024 - 8:23 am

ඡන්දදායකයෝ මිලියන 970ක්

ඡන්ද මධ්‍යස්ථාන මිලියනයකට වැඩියි

මිලියන 970ක ඡන්දය මඟින් මන්ත්‍රීවරු 543 දෙනකු තෝරා පත්කර ගන්නා ලොව විශාලතම මහමැතිවරණය අද (19) ඉන්දියාවේ දී ආරම්භ වේ. එරට 18 වැනි ලෝක් සභා (පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) මැතිවරණය ලෙස හඳුන්වනු ලබන ඉන්දීය මහමැතිවරණය අද සිට ජූනි මස 1 වැනිදා දක්වා ඉන්දියාවේ ප්‍රාන්ත 28ක සහ මධ්‍යම රජයේ පාලනය යටතේ පවතින කලාප 8ක පැවැත්වෙන්නේ අදියර 7ක් යටතේය. පළමු අදියර අද පැවත්වෙන අතර, අනතුරුව ලබන 26 වැනිදා, මැයි මස 7,13,20, 25 සහ ජූනි 1 වැනිදා සෙසු අදියරේ ඡන්ද විමසීම සිදු කෙරේ. ඡන්ද ප්‍රතිඵල ජූනි මස 4 වැනිදා නිකුත් වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මිලියනයකට වැඩි ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවා ඇති අතර, එහි රාජකාරියේ නිරතවන නිලධාරීන්ගේ සහ ආරක්ෂක නිලධාරීන්ගේ සංඛ්‍යාව මිලියන 15ක් බව වාර්තා වේ.

දින 44ක් පුරා පැවැත්වෙන ඉන්දීය මැතිවරණය මිලියන ගණනාවක ඡන්ද භාවිතය විදත් යන්ත්‍ර මඟින් සිදු කෙරෙන අතර, ඒ සඳහා විදත් යන්ත්‍ර ලක්ෂ 55ක් භාවිත කිරීමට නියමිත බව ද වාර්තා වේ. 2000 වසරේ සිට ඉන්දීය මැතිවරණවලදී භාවිතයට ගැනෙන එම යන්ත්‍රය කොටස් දෙකකින් සමන්විතය. එහි පාලන කොටස ඡන්ද මධ්‍යස්ථානයේ නිලධාරියා ඉදිරියේ තබා ඇති අතර, ඡන්දය භාවිත කිරීමේ උපකරණය ඡන්ද කුටියේ තබා ඇත. අදාළ ප්‍රාන්තයේ හෝ දිස්ත්‍රික්කයේ මැතිවරණයට ඉදිරිපත් වී සිටින පක්ෂයේ නම සහ ඡන්ද ලකුණ එම උපකරණයේ සටහන් වී ඇති අතර, ඡන්දදායකයා කළ යුතුව ඇත්තේ එම නම් ඉදිරියේ ඇති බොත්තම ක්‍රියාත්මක කිරීම පමණි. එසැනින් මධ්‍යස්ථානය භාර නිලධාරියා ඉදිරියේ තබා ඇති උපකරණයේ එම ඡන්දය ගබඩා වේ.

ආසන 545කින් සමන්විත ඉන්දීය පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 543කට නියෝජිතයන් පත් කිරීම ඡන්ද විමසීමෙන් සිදු වෙද්දී සෙසු ආසන 2ට අපේක්ෂකයන් තෝරාගැනීමේ අයිතිය එරට ජනාධිපතිවරයා සතුව තිබේ. ඕනෑම පක්ෂයකට හෝ සන්ධානයකට රජයක් පිහිටුවීමට අවම වශයෙන් ආසන 272ක් අවශ්‍ය වන අතර, අවසන් වරට 2019 පැවැති මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයට රාජ්‍ය බලය හිමි වූයේ ආසන 303ක් ජය ලැබීමෙනි. මෙවර ආසන 400ක් ජය ගනිමින් පාර්ලිමේන්තුවේ වැඩි බලයක් අත්කර ගැනීම භාරතීය ජනතා පක්ෂය සමත් වනු ඇතැයි දැනටමත් දේශපාලන විචාරකයන් අනාවැකි පළ කර තිබේ.

මෙවර මැතිවරණයේදී වත්මන් අගමැති 73 හැවිරිදි නරේන්ද්‍ර මෝදි සිය තුන්වැනි ධුර කාලය අපේක්ෂාවෙන් භාරතීය ජනතා පක්ෂයෙන් ඉදිරිපත් වී සිටින අතර, ඉන්දීය කොන්ග්‍රසයේ සභාපති 81 හැවිරිදි මල්ලිකාර්ජුන් කාර්ගි ඔහුගේ ප්‍රතිවාදියා බවට පත් වී සිටි. 2019 මැතිවරණයේදී කේරල ප්‍රාන්තයේ අමේති නුවර සිය අසුනෙන් පරාජයට පත් වූ කොන්ග්‍රසයේ රාහුල් ගාන්ධි මෙවර සිය අසුන ජය ගැනීමේ අරමුණින් යළි ඉදිරිපත් වී ඇතැයි එරට මාධ්‍ය සඳහන් කළේය.

භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ හිතවාදී පක්ෂ ජාතික ප්‍රජාතන්ත්‍රවාදි සන්ධානය ලෙසත්, ඉන්දීය කොන්ග්‍රසය ප්‍රමුඛ දේශපාලන පක්ෂ 41ක් ඉන්දීය ජාතික සංවර්ධනවාදී අන්තර් සන්ධානය ලෙසත් මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටී.


Top Stories
wedivistara

ප්‍රතිදේහ එන්නත් චෝදනාවලට කෙහෙළිය ඇතුළු පිරිසට සිතාසි නිකුත් කෙරේ

wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT