Local

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ජනපති මැදිහත්වීමෙන් ඉඩමක්

Wednesday, 06 December 2023 - 8:59 pm

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ සිසුන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් රජය සතු ඉඩමක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

අද (06) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා විසින් මෙම එකඟතාවට එළැඹිණි.

2024 වර්ෂයට වසර 150ක් සපිරෙන ශ්‍රී ලංකා නීති විද්‍යාලය මඟින් ජනාධිපතිවරු තිදෙනෙකු බිහි වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සිහිපත් කළේය.

ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ලබාදීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පැවසීය.

නීති විද්‍යාලයේ පහසුකම් වැඩිදියුණු කිරීමට අදාළ සැලසුම් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන් අතර මුල් අදියර සඳහා පර්චස් 40ක බිම් කොටසක් වෙන් කිරීමටත්, අදාළ සැලැස්මට  අනුව අවශ්‍ය ඉතිරි ඉඩම් ප්‍රමාණය අධිකරණ අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ලබා දීමටත් උපදෙස් දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ නීති විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය අතුල පතිනායක මහතා සඳහන් කළේ වසර 150ක ඉතිහාසය තුළ නීති විද්‍යාලයේ සිසුන්ගේ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් එක් බිම් අඟලක්වත් ලැබී නොමැති බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර කටයුතු කිරීම පිළිබඳ ස්තූතිවන්ත වන බවත්ය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් යන මහත්වරුන් ද නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ නීති විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ නියෝජිතයන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT