Sports

ආසි­යාවේ උපන් එකම ක්‍රීඩිකා තරුෂි ලෝක කෙරු­මන් සමඟ හැප්පෙන දිනය අදයි

Friday, 02 August 2024 - 8:44 am

ආසි­යානු රන් පද­ක්ක­ම්ලාභී තරුෂි කරු­ණා­රත්න ශ්‍රී ලංකා වේලා­වෙන් අද රාත්‍රි 11.15ට මීටර් 800 තර­ගයේ මූලික වටයේ තර­ග­යට පැරිස් ස්ටේට් ඩී ෆ්‍රාන්ස් ධාවන පථ­යට පිවි­සෙයි. මූලික වට 6කින් අට දෙනා බැගින් තර­ග­කා­රි­යන් 48ක් එක්වන අතර, එයින් 24ක් අව­සන් පූර්ව වට­යට තෝරා ගැනී­මට නිය­මි­තය. පළ­මුව මූලික වටයේ ජය­ග්‍රා­හි­කා­වන් තිදෙනා බැගින් 18ක් අව­සන් පූර්ව වට­යට තෝරා ගන්නා අතර, ඉතිරි 30 දෙනා ‘රිපී­චේජ් වටයේ’ යළි තරග කළ යුතු වේ. එයින් හොඳම කාලය වාර්තා කරන ක්‍රීඩි­කා­වන් 6කට අව­සන් පූර්ව වටයේ දොරටු විවර කිරීම ඔලි­ම්පික් නව නීතිය වේ.

යුරෝ­පීය, කෙන්යානු හා ඉති­යෝ­පි­යානු ඇතුළු ප්‍රබල තර­ග­කා­රි­යන්ට එරෙ­හිව තරග කිරී­මට සුදු­සු­කම් ලැබූ ආසි­යාවේ උපන් එකම මලල ක්‍රීඩි­කාව තරුෂි වේ. ආසි­යාව නියෝ­ජ­නය කර­මින් මුද­ලට ක්‍රීඩා කරන බහ­රේ­නයේ නෙලී ජෙප්කො­සගි කෙන්යාවේ උපන් ක්‍රීඩි­කා­වක් වන අතර, ක්වේටය නියෝ­ජ­නය කර­මින් පැමිණ සිටින අමාල් අල් රවුමී ද 2022 සිට එරට නියෝ­ජ­නය කරන වෙනත් රටක ක්‍රීඩි­කා­වකි.

මේ තර­ග­යට මිනිත්තු 2කට වඩා අඩු­වෙන් කාල­යක් වාර්තා කොට ඇති ක්‍රීඩි­කා­වන් 35ක් පමණ ලොව විවිධ රට­ව­ලින් පැමිණ සිටින හෙයින් වැඩි තර­ග­කා­රී­ත්ව­යක් පවතී. තරු­ෂිගේ මෙතෙක් හොඳම දක්ෂ­තාව මිනිත්තු 2:00.66කි. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා වංශ කතාවේ මීටර 800 කාන්තා ඉසව්ව එකම ක්‍රීඩි­කා­වක් හෝ මිනිත්තු දෙක­කට අඩු­වෙන් නිම කොට නැත. 1992දී ශ්‍රියානි ධම්මිකා මැණිකේ හා 2020දී නිමාලි ලිය­නා­රච්චි මේ ඉස­ව්වෙන් ඔලි­ම්පික් උලෙළ නියෝ­ජ­නය කළද මූලික වට­යෙන් ඉව­තට ගියහ.

තරුෂි කරු­ණා­ර­ත්නගේ පුහු­ණු­කරු සුසන්ත ප්‍රනාන්දු මහතා සමඟ ඊයේ විදුලි ආලෝක ධාරා මැද ඇය පුහු­ණු­වීම් සිදු කළාය. ලොව අංක එකේ ක්‍රීඩි­කා­වන් මේ තර­ග­යට ඉදි­රි­පත් වන බැවින් තරු­ෂි­ගෙන් විස්ම­ය­ජ­නක ප්‍රති­ඵ­ල­යක් බලා­පො­රොත්තු විය නොහැක. එහෙත් 19 හැවි­රිදි තරුෂි මේ ඔලි­ම්පික් උලෙ­ළට පැමි­ණීම ජාති­ය­කට දැවැන්ත ජයකි.


Top Stories
wedivistara

පොලිසියට 5,000ක් බඳවා ගන්න අනුමැතිය

wedivistara

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනපතිගෙන් පූර්ණ සහයෝගය

wedivistara

දහම් පාසල් ගුරුවරුන්ට ලබන වසරේ සිට දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවේ

wedivistara

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

ගොවි විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙයි

wedivistara

භාතිය හස්තියාගේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරනවා - පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

ට්‍රම්ප්ගේ Big Beautiful නව බදු පනත එරට කොංග්‍රසය විසින් සම්මත කරයි

wedivistara

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

wedivistara

උසස් පෙළ ඉහළින් සමත් සිසුන්ට, පළමු උපාධිය විදෙස් සරසවියක හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට කැබිනට් අනුමැතිය

wedivistara

පාපන්දු ක්‍රීඩක Diogo Jota රිය අනතුරකින් මරුට


NEWS ALERT