International

බංග්ලාදේශ හිටපු අගමැතිනී ඇතුළු පිරිසකට නිදහස

Tuesday, 06 August 2024 - 10:50 am

බන්ධනාගාරගතව සිටි බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ඛලීඩා ෂියා නිදහස් කිරීමට එරට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ.

බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂාබ්දීන් නියෝග කර ඇත්තේ සිරගතව සිටින විපක්ෂයේ සියලු දේශපාලඥයින් ඇතුළු ක්‍රියාකාරීන් ද නිදහස් කරන ලෙසය.

බංග්ලාදේශයේ පවතින නොසන්සුන්තාව හේතුවෙන් ඩකා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද පැය කිහිපයකට වසා දැමීමට පියවර ගෙන තිබුණි.

විරෝධතාකරුවන් විසින් බංග්ලාදේශයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මෂ්‍රපි බින් මොර්ටාසාගේ නිවසට ද ගිනි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

විරෝධතාකරුවන් එරට අග්‍රාමාත්‍ය නිල නිවසට සහ එරට පාර්ලිමේන්තුවට ද ඇතුළු වී දැඩි අලාභ හානි සිදුකර තිබේ.

අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වූ ෂෙයික් හසීනා ඉන්දියාවට පළා ගොස් ඇති අතර ඇය නැවත වරක් දේශපාලනය නොකරනු ඇති බව ඇයගේ පුත්‍රයා ප්‍රකාශ කර ඇත.


Top Stories
wedivistara

ප්‍රතිදේහ එන්නත් චෝදනාවලට කෙහෙළිය ඇතුළු පිරිසට සිතාසි නිකුත් කෙරේ

wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT