International

ඊශ්‍රා­යල අගැ­මැ­තිට ධුර­යෙන් ඉව­ත්ව­න්නැයි දහස් සංඛ්‍යාත ජන­තාව අග­නු­වර වටකරති

Tuesday, 02 April 2024 - 8:03 am

හමාස්  සංවි­ධා­න­යට එරෙ­හිව ගාසා තීරයේ යුද ගැටුම් ආරම්භ කිරී­මෙන් පසු ඊශ්‍රා­ය­ලයේ  රජ­යට එරෙහි විශා­ල­තම විරෝ­ධ­තාව පෙරේදා සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  දස­ද­හස් සංඛ්‍යාත ඊශ්‍රා­යල ජන­තාව ජෙරු­ස­ලමේ ඊශ්‍රා­යල පාර්ලි­මේන්තු  ගොඩ­නැ­ඟිල්ල අවට එක්රොක් වී අග­මැති බෙන්ජ­මින් නෙත­න්යා­හුට ධුර­යෙන් ඉව­ත්වන ලෙස  ඉල්ලා මෙම දැවැන්ත විරෝ­ධ­තාව පැවැත් වූ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා  කළේය.

හමාස් සංවි­ධා­නය ඊශ්‍රා­යල වැසි­යන් ප්‍රාණ ඇප­යට ගෙන මාස 6ක්   ගත­වූ­වද, ඊශ්‍රා­යල හමු­දා­වට මෙතෙක් ප්‍රාණ ඇප­ක­රු­වන් නිද­හස් කර­ගැ­නී­මට  නොහැ­කි­වීම හේතු­වෙන් දැඩි කෝප­යට පත්ව සිටින ඔවුන්ගේ පවුලේ සාමා­ජි­ක­යන් සහ  ඥාතීන් ද එම විරෝ­ධ­තා­වට එක්ව සිටි බව වාර්තා වේ. ප්‍රාණ ඇප­ක­රු­වන් නිද­හස්  කර­ගැ­නී­මට හැකි­යාව පව­තින එකම විස­ඳුම වන සටන් විරා­මය වහාම ක්‍රියා­ත්මක කරන  ලෙසත්, හැකි ඉක්ම­නින් මහ­මැ­ති­ව­ර­ණය පව­ත්වන ලෙසත් ඉල්ලා ජන­තාව උද්ඝෝ­ෂ­ණයේ නිර­තව  සිටින අතර, යුද ගැටු­ම්ව­ලට මුවා වී අග­මැ­ති­ව­රයා තව­දු­ර­ටත් බලයේ රැඳී සිටින  බවට ද චෝදනා එල්ල කර ඇතැයි වාර්තා වේ.

හමාස් සංවි­ධා­න­යට ඊශ්‍රා­ය­ල­යට කඩා  පැන එරට වැසි­යන් ප්‍රාණ ඇප­යට ගැනී­මට තරම් ආර­ක්ෂක තත්ත්වය දුර්වල  වීමත්, ගාසා තීරයේ නිරා­යුධ පල­ස්තීන වැසි­යන් ඝාත­නය කිරී­මෙන් ජාත්‍ය­න්තර  අප්‍ර­සා­ද­යට පත්වී­මත් එරට ජන­තා­වගේ කෝපය වැඩි කිරී­මට සමත් වී ඇතැයි ද විදෙස්  මාධ්‍ය වාර්තා කළේය.

 


Top Stories
wedivistara

ප්‍රතිදේහ එන්නත් චෝදනාවලට කෙහෙළිය ඇතුළු පිරිසට සිතාසි නිකුත් කෙරේ

wedivistara

හෙට රටේ ජනාධිපතිවයි, අගමැතිවයි උස්සන් ගියත්, ආරක්ෂක ඇමති දන්නේ නෑ - නාමල්

wedivistara

‘භාතිය‘ වැලි කොට්ට දැමූ තැන වෙනස් කර ගෙන – ඇතාගේ අද තත්ත්වය මෙන්න

wedivistara

KDU සිසුන් ගොනුකළ පෙත්සම සමථයට පත්කළ හැකි බව නීතිඥවරු අධිකරණයට දන්වයි

wedivistara

සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 120 ක් අත්අඩංගුවට

wedivistara

ආපදාවට ලක්වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නාවික හමුදාවෙන් බේරාගැනේ

Trending
wedivistara

බදුල්ලේදී ලංගම සේවකයාට ප්‍රසිද්ධියේ බැනවැදුනු සභාපතිට පුලස්ති රිදෙන්නම කියයි.

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට IMF විධායක මණ්ඩලය අනුමැතිය


NEWS ALERT