Local

සජිත් නැවත වරක් IMF නියෝජිතයින් හමුවෙයි

Friday, 22 November 2024 - 8:38 pm

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයන් පිරිසක් අතර සුවිශේෂී හමුවක් (22) කොළඹ දී සිදුවිය.

මේ අවස්ථාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් IMF ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා, නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Katsiaryna Svirydzenka මහත්මිය, නේවාසික නියෝජිත මාර්තා වොල්ඩෙමිකල් මහත්මිය සහ දේශීය ආර්ථික විශේෂඥවරියක් වන මානවී අබේවික්‍රම මහත්මිය ද එක්වූහ.

එහි දී වර්තමානයේ ශ්‍රී ලංකා මුහුණ දී ඇති බංකොලොත්භාවයෙන් මිදීමට පවතින ක්‍රමවේද සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය. එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියාසි⁣ටියේ, වර්තමානය වන විට ජනවරමකින් බිහි වූ රජයක් සහ ජනාධිපතිවරයකු සිටින බැවින් හිටපු රජය අත්සන් කළ IMF ගිවිසුම වෙනස් කර ජනතාවාදී ගිවිසුමකට යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමුවිය යුතු බවය.

මීට පෙර ද විපක්ෂ නායකවරයා ලෙස සිටියදී සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ ආර්ථික කණ්ඩායමේ සාමාජිකයන් රැසක් IMF නියෝජිතයන් සමග අවස්ථා රැසකදී මුහුණට මුහුණ සාකච්ඡා පැවැත් වූ අතර අද පැවැති මෙම සාකච්ඡාව සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, හර්ෂණ රාජකරුණා, එස්. එම්. මරික්කාර්, මුජිබර් රහුමාන් සහ වෛද්‍ය කාවින්ද ජයවර්ධන යනාදීන් මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කෙනඩි ගුණවර්ධන සහ ආර්ථික විද්‍යාව පිළිබද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා යනාදීන් ද එක්වූහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT