International

ඉන්දීය අගමැති මෝදිට සුබ පැතූ ජනපති රනිල්

Monday, 10 June 2024 - 8:58 am

ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට  පත් වූ නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු මහත්මිය ඉදිරියේ රාශ්ට්‍රපති භවන්හි දී දිවුරුම් දීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජ්‍ය නායකයින් ඔහු වෙත අද (09) රාත්‍රියේ උණුසුම් සුබපැතුම් එක් කළේය.

දෙරට අතර බැදීම් තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියට යාමට නායක දෙපළ මෙහිදී එකඟතාවය පළකර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීමේ උත්සවය  ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු මහත්මිය ඉදිරියේ නවදිල්ලි රාෂ්ට්‍රපති භවන්හිදී අද පස්වරුවේ ආරම්භ වූ අතර  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අසල්වැසි රාජ්‍ය නායකයෝද  විශේෂ ආරාධිතයෝ ද ඊට සහභාගී වූහ.

ආරාධිත අමුත්තන් 9000 ට ආසන්න පිරිසක් වෙනුවෙන් රාශ්ට්‍රපති භවන් ඉදිපස භූමියේ අසුන් පනවා තිබුණි.ආගමික නායකයන් නළු නිළියන්, ව්‍යාපාරිකයන්, විද්වතුන් ඇතුලු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. නියම කරගත් වේලාව් වූ රාත්‍රී 7ට උත්සවය ආරම්භ වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආසන පනවා තිබුනේ මාලදිවයින් ජනාධිපති හා මුරුසි රාජ්‍යයේ අගමැති අතරය.

ඇමති මණ්ඩලය ජනාධිපතිනිය ඉදිරියේ දිවුරුම් දීමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තුන් වන වරටත් අග්‍රාමාත්‍ය මාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේය.

ඉන්දියාවට පැමිණ සිටින රාජ්‍ය නායකයන් නව අග්‍රාමාත්‍යවරයාට සුබ පැතීමෙන් පසු විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  සම්ප්‍රාප්තියට  ඉන්දීය මාධ්‍ය මගින් සුවිශේෂී ප්‍රචාරයක් ලබා දී තිබූ අතර නවදිල්ලි අගනුවර ප්‍රධාන වට රවුම් ආශ්‍රිතව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ කලාපයේ සෙසු නායකයන්ගේ  ද මෝදි අගමැතිවරයාගේ ද  රුව සහිත පුවරු ප්‍රදර්ශනය කර තිබෙනු දැකගත හැකි විය.

අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් පසුව විශේෂ පීඨිකාවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  මහතා සමග රාජ්‍ය නායකයන් සමූහ ඡායාරූපයකටද පෙනී සිටි අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අසලම ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ස්ථානය වෙන්කර තිබීම විශේෂත්වයක් විය.

එමෙන්ම කලාපයේ රාජ්‍ය නායකයන් විශේෂ පීඨිකාවට පැමිණෙන විට ඔවුන් නියෝජනය කරන රට සහ රාජ්‍ය නායකයාගේ නම පමණක් නිවේදනය කෙරුණු අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා  පිළිබඳව සුවිශේෂී හැඳින්වීමක් කරනු ලැබීය.

බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා, නේපාල අගමැති පුෂ්ප කමල් දහාල්, මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසුද , සීෂෙල්ස් උප ජනාධිපති, මොරිෂියස් අගමැති මෙන්ම භූතාන අගමැතිවරයා ප්‍රමුඛ කලාපයේ රාජ්‍ය නායකයෝ  එක්ව සිටියහ.

මෙම උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ අමාත්‍යාංශ ලේකම් අරුණි විජේවර්ධන, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ෂෙනුකා සෙනවිරත්න , රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න,ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්‍ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.


Top Stories
wedivistara

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

wedivistara

සිරි දළදා වන්දනාව සමාරම්භක අවස්ථාවට එක් වන රාජ්‍ය තාන්ත්‍රිකයින් දුම්රියෙන් මහනුවරට

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

පිල්ලෙයාන් LTTE එකත් එක්ක හිටියා නම්, කොහේ හරි රටක පුරවැසිභාවයත් ලැබිලා, ඔහුව ජාතික සම්පතක් ලෙස බලාගන්න තිබ්බා - නාමල්

wedivistara

දැන් ගම්මන්පිල කියන විදියට, ප්‍රභාකරන්ව ඉවර කරලා රට එක්සේසත් කරලා තියෙන්නේ පිල්ලෙයාන් - හඳුන්නෙත්ති

wedivistara

සිරි දළදා වන්දනාව ජනපති සහභාගිත්වයෙන් ඇරඹෙයි

Trending
wedivistara

අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය පිළිබඳව රජය ගන්නා ක්‍රියාමාර්ග ගැන රට දැනුවත් කළ යුතුයි - රනිල්

wedivistara

හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය හෙට මහනුවරදී පැවැත්වෙයි

wedivistara

2025 මුල් මාස තුනේ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියනය පසු කරයි

wedivistara

පිල්ලෙයාන්ගේ නීතිඥයා වෙලා තියෙන්නේ ගම්මන්පිල - නලින්ද ජයතිස්ස

wedivistara

ලක්ෂ 57කට අධික මුදලක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

wedivistara

ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් විදෙස්ගතවීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට


NEWS ALERT