Local

රනිල්ට නඩු දමයි..

Friday, 22 November 2024 - 8:11 pm

රජ­යට විශාල ආදා­ය­මක් අහිමි කර­මින් නිකුත් කරන ලද මෙම මත්පැන් බල­පත්‍ර වහාම ක්‍රියා­ත්මක වන පරිදි අත්හි­ටු­වන ලෙසට නියෝ­ග­යක් නිකුත් කරන ලෙස ද පෙත්සම් මඟින් ඉල්ලා ඇත.

මහ­නු­වර ප්‍රදේ­ශයේ පදිංචි එස්.ඒ. චාමර සම්පත් අබේ­සේ­කර සහ එන්. රවි චන්ද්‍රන් යන ව්‍යාපා­රි­ක­යන් දෙදෙ­නකු විසින් නීතිඥ මංජුල බාල­සූ­රිය මහතා මඟින් මෙම පෙත්සම ගොනු කර ඇත.

හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා සුරා­බදු කොම­සා­රිස් ජන­රාල් එම්.ඒ. ගුණ­සිරි, අති­රේක සුරා­බදු කොම­සා­රිස් ඒ.එම්.පී. අර­ම්පල, නියෝජ්‍ය කොම­සා­රි­ස්ව­රුන් වන සී.ජේ.ඒ. වීර­ක්කොඩි, යූ.ඩී.එන්. ජය­වීර සහ මුදල් අමාත්‍ය ලේකම් මහින්ද සිරි­ව­ර්ධන, අල්ලස් කොමි­සමේ සභා­ප­ති­ව­රයා ඇතුළු තිස්නව දෙනකු පෙත්ස­මෙහි වග­උ­ත්ත­ර­ක­රුවෝ ලෙස නම් කර සිටිති.

ජනා­ධි­ප­ති­ව­ර­ණය ප්‍රකා­ශ­යට පත් කළ ඉකුත් ජූලි මස 26 වැනිදා සිට ජනා­ධි­ප­ති­ව­රණ ඡන්ද විම­සීම පැවැති සැප්තැ­ම්බර් මස 21 වැනිදා අතර කාල සීමාව තුළ වග­උ­ත්ත­ර­ක­රු­වන් විසින් සුරා­බදු පනතේ විධි­වි­ධා­න­යන්ට පට­හැ­ණිව යමින් මත්පැ­න්හල් බල­පත්‍ර ගණ­නා­වක් නිකුත් කර ඇති බව පෙත්ස­මෙහි සඳ­හන් වේ.

හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්, ඔවුන්ගේ ඥාතීන්, හිත­ව­තුන් සහ ආධා­ර­ක­රු­වන් සඳහා මෙම බල­පත්‍ර නිකුත් කර ඇති බවට තොර­තුරු ලැබී ඇති බව ද පෙත්ස­මෙහි තව­දු­ර­ටත් සඳ­හන් වේ.

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී සහාය ලබා­ගැ­නීමේ යටි දේශ­පා­ලන අර­මු­ණ­කින් යුක්තව මෙම බල­පත්‍ර නිකුත් කර ඇති අතර සුරා­බදු පනතේ විධි­වි­ධා­න­යන් මඟ­හැර අත්ත­නෝ­ම­තික සහ අයු­ක්ති­ස­හ­ගත අයු­රෙන් ඒවා නිකුත් කර ඇති බවට පෙත්සම මඟින් පෙන්වා දී ඇත.

විනි­වි­ද­භා­ව­ය­කින් තොරව මෙන්ම විධි­මත් පටි­පා­ටි­යට පට­හැ­ණිව ඒවා නිකුත් කර ඇති බව ද පෙත්ස­මෙහි සඳ­හන් වේ.

සාමාන්‍ය නීති­මය පටි­පා­ටිය යටතේ මත්පැ­න්හල් බල­ප­ත්‍ර­යක් නිකුත් කිරී­මේදී එක් ව්‍යාපා­රි­ක­ය­කු­ගෙන් රුපි­යල් මිලි­යන 15ක පමණ මුද­ලක් රජ­යට ආදා­යම් වශ­යෙන් ලැබෙන නමුත් මෙම කාලය තුළ නව මත්පැන් බල­පත්‍ර නිකුත් කිරී­මේදී රජ­යට අය විය යුතු විශාල ආදා­ය­මක් අහිමි වී ඇති බව පෙත්සම මඟින් පෙන්වා දී ඇත.

වග­උ­ත්ත­ර­ක­රු­වන්ගේ මෙම ක්‍රියා­ක­ලා­පය තුළින් මෙරට ජන­තා­වගේ මූලික අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය වී ඇති බවට ප්‍රකා­ශ­යක් ලබා­දෙන ලෙස පෙත්ස­ම්ක­රුවෝ අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටිති.

ජනා­ධි­ප­ති­ව­ර­ණය ප්‍රකා­ශ­යට පත් කළ ඉකුත් ජූලි මස 26 වැනිදා සිට සැප්තැ­ම්බර් මස 21 වැනිදා අතර කාල­සී­මාව තුළ එලෙස අනී­තික ලෙස නිකුත් කළ මත්පැ­න්හල් බල­පත්‍ර පිළි­බඳ තොර­තුරු අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස සුරා­බදු කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා ඇතුළු වග­උ­ත්ත­ර­ක­රු­වන්ට නියෝ­ග­යක් නිකුත් කරන ලෙස පෙත්ස­ම්ක­රුවෝ අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටිති.

එසේම මෙම බල­පත්‍ර නිකුත් කිරීමේ ක්‍රියා­ව­ලිය සිදු කළ කාලය තුළ සුරා­බදු දෙපා­ර්ත­මේ­න්තුවේ නීති විරෝධී අක්‍ර­මි­ක­තා­වන් හෝ දූෂණ සිදු වී තිබේ ද යන්න පිළි­බඳ විම­ර්ශ­න­යක් පවත්වා ඒ පිළි­බඳ වාර්තා­වක් ඉදි­රි­පත් කරන ලෙස ද අල්ලස් කොමි­සම වෙත නියෝ­ග­යක් නිකුත් කරන ලෙස එම පෙත්සම මඟින් පෙත්ස­ම්ක­රු­වන් වැඩි­දු­ර­ටත් අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා ඇත.

එසේම අදාළ කාල සීමාව තුළ නිකුත් කළ මත්පැ­න්හල් බල­පත්‍ර පිළි­බඳ විම­ර්ශ­න­යක් පවත්වා වාර්තා­වක් ඉදි­රි­පත් කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­සම වෙත නියෝ­ග­යක් නිකුත් කරන ලෙස ද පෙත්සම මඟින් ඉල්ලා ඇත.

නෙල්කා මැද­ගෙ­දර


Top Stories
wedivistara

දරුවන් සිඟමනේ යෙදවීම අද සිට සපුරා තහනම් !

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

උපරිම සිල්ලර මිල ඉක්මවා කීරි සම්බා අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම් අඛණ්ඩව

wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT