අමෙරිකාවේ බෝල්ටිමෝ වරායේ යාත්‍රා කළ නෞකාවක් ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමෙහි ගැටී සිදුවූ අනතුරින් 6 දෙනෙකු අතුරුදන්වී තිබෙනවා.
එම පිරිස අතුරුදන් වී ඇති කාලය සහ එම ප්‍රදේශයේ ජලයේ උෂ්ණත්වය අනුව ඔවුන් මියගොස් ඇති බවටයි අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය සැක පළ කරන්නේ.
එලෙස ජලයට වැටී ඇත්තේ, පාලම මත ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් සිටි කම්කරුවන් 6 දෙනෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
සිංගප්පූරුවේ ධජය සහිත දිගින් මීටර් 300ක් වන අදාල බහාලුම් නෞකාව (26) පාලමේ ගැටී කඩා වැටුණේ ශ්‍රී ලංකාවේ කොළඹ වරාය බලා යාත්‍රා කරමින් තිබියදීයි.