Local

පිදුරුගොඩට වැටී පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මිය යයි

Saturday, 02 March 2024 - 4:38 pm

මොරගහහේන  තලගල තල්ගහවත්ත ප්‍රදේශයේ නිවසක් පිටුපස ගිනි ඇවිලුණු පිදුරු ගොඩක් මත සැකකටයුතු ලෙස පුද්ගලයෙකු පිළිස්සී  මිය ගොස් ඇතැයි මොරගහහේන  පොලිසිය කියයි

මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි කුලී වැඩවල නිරත   කේ ඒ ඩි ගාමිණී නැමැති 69 හැවිරිදි  දෙදරුපියෙකි.

පිදුරු ගොඩමත  තිබු උදැල්ලක් සම්බන්ධයෙන් පොලිසියට  සැකයක් මතුවී ඇත

මියගිය පුද්ගලයා නිවස ආසන්නයේ නිවසක කැඳවීම මත  කුලී රැකියාව සඳහා ඊයේ පෙරවරු හතට පමණ එම නිවසට පැමිණ ඇති අතර  නිවෙස් හිමියා සමග වත්තේ වැඩ කිහිපයක නිරතව සිටීමෙන් අනතුරුව නිවෙස් හිමියා අවශ්‍යතාවයකට ගෝනපොල  නගරයට ගොස් ඇතැයි පොලිසිය කියයි

එම අවස්ථාවේදී නිවෙස් හිමියාගේ බිරිඳ නිවසේ තුළ සිට ඇති අතර  ඇය පෙරවරු දහයට පමණ මුළුතැන් ගෙයි දෙසින් පිටතට පැමිණීමේදී පිදුරු ගොඩට ගිනි ඇවිලී තිබුණු නිසා අසල මල් පැල කරා පැතිර යාවි යයි සිතා   එය නිවා දැමීමට කටයුතු කරන අතරවාරයේදී සැමියා ද පැමිණ අතර අතර දෙදෙනාම එක්ව එය නිමාව දැමීම සඳහා වතුර බටයක් හා බාල්දියක් උපයෝගී කරගෙන තිබූ බව පොලිසිය කියයි

එම   අවස්ථාවේදී නිවෙස් හිමි කාන්තාව දැක ඇත්තේ    වත්තේ වැඩ කරමින් සිටි පුද්ගලයා පිදුරු ගොඩ මත වැටී පිලිස්සි සිටින අයුරු බව පොලිසිය කියයි

ඇය ගේ කෑ ගැසීමත් සමගම ඒ අසන්නේ සිටි ඇයගේ සැමියා  වහා ක්‍රියාත්මක වී   එයින් පිටතට තිබූ බව පොලිසිය කියයි

ඒ වන විටත් එම පුද්ගලයා දැඩි පිළිසුම් තුවාල ලබා මියගොස් සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි

මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක්ද පැවතීමට නියමිතය

අදාළ මරණය කෙසේ සිදුවූවාද යන්න සොයා පැති කිහිපයක් ඔස්සේ පොලිසිය විමර්ශන සිදු කරයි.

පානදුර කොට්ඨාසයේ  අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වූහ


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT