Sports

ලංකාවේ අවසන් ඔලිම්පික් බලාපොරොත්තුවත් බිඳ වැටෙයි

Wednesday, 07 August 2024 - 3:59 pm

මෙවර ඔලිම්පික් උලෙළේ ශ්‍රී ලංකා අවසන් නියෝජනය සනිටුහන් කරමින් දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල විසිකිරීමේ මූලික වටයේ තරගය සඳහා අද (07) පස්වරුවේ සහභාගී විය

එහිදී ඇය මූලික වටයේ තරගවලින් 16 වැනි ස්ථානය හිමිකර ගත් අතර ඇය දැක්වූ උපරිම දක්ෂතාවය 53.66m ක් ලෙස සඳහන් විය.

ඒ අනුව ඇයට ඔලිම්පික් වරම් අහිමි වී ගියාය

මේ වන විට දිල්හානි ලේකම්ගේ ලෝක හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකාවන් අතුරින් 25 වැනි ස්ථානයේ පසුවෙයි.

ඔලිම්පික් පැමිණි ශ්‍රී ලංකාවේ වයස්ගතම ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක් වූ 37 හැවිරිදි දිල්හානි ලේකම්ගේ මේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන තෙවැනි ඔලිම්පික් ක්‍රීඩිකාව ද වෙයි

කෙසේ වෙතත් මීට මාස දෙකකට පෙර කොරියාවේදී පැවති ආසියානු විසිකිරීමේ ශූරතාවලියේ තෙවැනි ස්ථානය දිනාගනිමින් මීටර් 57.94ක් දුර හෙල්ල විසි කළ දිල්හානි මාස 10කට පෙර චීනයේ හැන්ග්ෂූහි පැවති ආසියානු ක්‍රීඩා උලෙළේදී මීටර් 61.57ක දක්ෂතාවකින් නව ශ්‍රී ලංකා වාර්තාවක් සමඟ ආසියානු රිදී පදක්කම දිනා ගැනීමට ද සමත් විය.


Top Stories
wedivistara

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශයක් නිකුත් කරයි

wedivistara

කොච්චිකඩේ දේවස්ථානය අසලදී ඊයේ සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනා මුදා හැරීමට නියෝග

wedivistara

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි

wedivistara

නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහි රිට් පෙත්සම් 20ක් අභියාචනාධිකරණ විසින් ප්‍රතික්ෂේප කරයි

wedivistara

රැගෙන එන අපද්‍රව්‍ය නිසි ආකාරයෙන් බැහැර කරන ලෙස දළදා වන්දනාකරුවන්ට දැනුම්දීමක්

wedivistara

චාමර සම්පත් මැයි 05 දක්වා යළි රිමාන්ඩ්

Trending
wedivistara

අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය පිළිබඳව රජය ගන්නා ක්‍රියාමාර්ග ගැන රට දැනුවත් කළ යුතුයි - රනිල්

wedivistara

සිරි දළදා වන්දනාව ජනපති සහභාගිත්වයෙන් ඇරඹෙයි

wedivistara

පිල්ලෙයාන්ගේ නීතිඥයා වෙලා තියෙන්නේ ගම්මන්පිල - නලින්ද ජයතිස්ස

wedivistara

ලක්ෂ 57කට අධික මුදලක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

wedivistara

ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් විදෙස්ගතවීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

wedivistara

ජූනි මාසයේ සිට අලුත් පවුල් ලක්ෂ හතරකට අස්වැසුම ලබාදීමට කටයුතු කරනවා - ජනපති


NEWS ALERT