Sports

ජොකොවිච් ලැබූ විශිෂ්ට ජය

Tuesday, 06 August 2024 - 12:30 am

ලෝක ටෙනිස් ඉතිහාසයේ සාර්ථකම ක්‍රීඩකයා බවට පත්වෙමින් මෙවර පැරිස් ඔලිම්පික් උලෙළේ පිරිමි කේවළ ටෙනිස් ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ලොව සුපිරි ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවිච් ඊයේ (04) සමත් විය.

ඒ පිරිමි කේවල ටෙනිස් අවසන් තරගයේදී ස්පාඤ්ඤයේ කාලෝස් අල්කරාස් පරාජයට පත්කරමිනි.

37 හැවිරිදි නොවැක් ජොකොවිච් සහ 21 හැවිරිදි කාලෝස් අල්කරාස් පිරිමි කේවල ටෙනිස් අවසන් සටනට පිවිසුණේ ඔලිම්පික් ඉතිහාසයේ එම ඉසව්වේ අවසන් තරගයට සහභාගී වූ වයස්ගතම සහ ළාබාලතම ක්‍රීඩකයින් දෙදෙනා ලෙසය.

අවසන් මහා තරගය අතිශය තියුණු මුහුණුවරක් ගත්තද අත්දැකීම් බහුල ජොකොවිච් පළමු වට දෙක ලකුණු 7-6ක් සහ 7-6ක් ලෙස ජයගනිමින් සිය වසර 21ක ටෙනිස් දිවියේ විශාලතම සිහිනය වූ ඔලිම්පික් රන් පදක්කම දිනාගැනීමට සමත් වුණි.

ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා 24ක් ජයගෙන ඇති ජොකොවිච් සිය ජයග්‍රහණ ගොන්නට ඔලිම්පික් රන් පදක්කමක්ද එක්කර ගනිමින් ටෙනිස් ඉතිහාසයේ සාර්ථකම ක්‍රීඩකයා බවට පත්වුණි.

ඔහු මෙම රන් පදක්කම දිනා ගත්තේ පස්වැනි උත්සාහයෙන් වීම විශේෂයකි. තරගයෙන් අනතුරුව ජොකොවිච් පැවසුවේ සිය ක්‍රීඩා දිවියේ විශාලතම ජයග්‍රහණය මෙම රන් පදක්කම බවය.


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT